MCC අත්සන් කරන්න යනවා කියන්නේ ළිද ළඟ කතාවක්
නව රජය විසින් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අත්සන් කිරීමට යන බවට වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් නොකරන බවත් එම ගිවිසුම සමාලෝචනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
එසේම එහි රටට අහිතකර වගන්ති කිහිපයක්ම ඇති බවත් ඔහු පැවැසීය.
popular news
-
Champa Thursday, 12 December 2019 06:34 PM
සමාලෝචනය කරන්න දෙයක් නැහැ. මුළු ගිවිසුමම රටට අහිතකරයි. මෙව් ගිවිසුම තමයි mother agreement එක. මේ පිටිපැස්සේ SOFA, VFA වගේ තව ගිවිසුම් එනවා. සමාලෝචනය කරනවා කියන්නේ MCC අත්සන් කරන්න මඟ පාදා ගැනීමක්. ගෝඨාභය ඊට පස්සේ හොරෙන් SOFA, VFA අත්සන් කරනවා. 2007 ACSA ගිවිසුම හොරෙන් අත්සන් කරලා මීටකලින් ගෝඨාභය එවැනි ක්‍රියාවක් ගැන පූර්වාදර්ශයක් දීල තියෙනවා. මේ ගිවිසුම සමාලෝචනය කිරීම තනිකරම ද්‍රෝහිකමක්. වංචාවක්. මුළු රටම ගිවිසුමට විරුද්ධ වෙලා ඉන්දත්දී දැන් මේක සමාලෝචනය කරන්න යනවා. මේක අන්තිම නින්දිත පාවා දීමක්. MCC එකට විරුද්ධව මිනිස්සු කැහගහන කොට රනිලුත් අත්සන් කරන එක නැවැත්තුවා. දැන් පේන විදිහට ගෝඨාභයගේ ආණ්ඩුව වහල් ආණ්ඩුවටත් අන්තයි. දැන් ඉතින් හෙණ තමයි ඉල්ලන්න වෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

