COVID - 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළට
ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පසුගියදා පිළිගැන්වීය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක් විය.
සබරගමුව පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක්, රත්නපුරයේ ජානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රීක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් එක් ලක්ෂ පනස් පන්දහසක් ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබූ අතර ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 05ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 03ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක් සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 900 ඉක්මවා ඇත.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.
popular news
-
S.. S.. Samarasingha Friday, 08 May 2020 08:10 PM
Mutti gahanawa vitharayi da? Korapu wada nadda? Apiwenuwen api ginume part-II.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
