CIDයේ CI නිශාන්ත රට හැර යයි?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සමග පරීක්ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ඊයේ (24දා) සිය පවුල සමග ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත බුද්ධි අංශ නිලධාරීන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත් වූ බවට අනාවරණය වී තිබේ.
රටේ ඇති වී තිබෙන නව දේශපාලන වාතාවරණය නිසා මොහු මෙසේ සිය පවුල සමග විදෙස් ගත වී ඇතැයිද වාර්තාවෙයි.
popular news
-
chandana Monday, 25 November 2019 10:22 AM
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා යටතේ වසර කිහිපයක්ම සේවය කර ඇති අතර , තරුණයින් 11 දෙනා අතුරු කිරීමේ නඩුව, ලසන්ත වික්‍රමතුංග නඩුව, සේයා සදෙව්මි ඝාතන නඩුව, ඩී ඒ රාජපක්ෂ සොහොන් කොත් සම්බන්ධ නඩුව, යාපනයේ විද්‍යා දැරිය ඝාතන නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතනය , ඔහු විසින් මෙහෙයවු ප්‍රධාන නඩු අතරින් කිහිපයකි. 2018 නොවැම්බර් 18 මස නිශාන්ත මහතාට මීගමුව කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබා දී තිබු අතර පොලිස් කොමිසමේ මැදිහත් වීමෙන් එම ස්ථාන මාරුවීම අවලංගු කර තිබුණි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

