CBK වෙල්ගම රාජිත අර්ජුන මංගල ආතාවුද නිදහස් පක්ෂ සුරැකීමේ සමුළුවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත්වන සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියි.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුණ රණතුංග, රාජිත සේනාරත්න, මංගල සමරවීර, මනෝ ගනේෂන්, ජයම්පති වික්‍රමරත්න හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ තමාගේ ඡන්දය පොහොට්ටුව වෙනුවෙන් භාවිත නොකරන බවත් ඉතිරි අපෙක්ෂකයන් 34න් එක් අයෙකුට භාවිත කරන බවත්ය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Tuesday, 05 November 2019 09:08 PM
අඩේ අප්පා, නියම ශ්‍රී ලංකා කාරයො ටිකක්නෙ සුරැකීමේ සමුළුවට ඇවිත් තියෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
