ජපානයේ වෘත්තීය රැකියා සදහා ස්ථිර නේවාසික වරම්
ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත. ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපන් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙළ එළැඹෙන අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
කාණ්ඩ 2ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
පළමු කාණ්ඩය සදහා වසර 3ක තාක්ෂණික පුහුණුව හා ජපන් භාෂාව හදාරා තිබිය යුතුය. ඔවුන් සදහා වසර 5ක නේවාසික වීසා කාලයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සදහා මෙය වලංගු නොවේ. එසේම වසර 5ක විසා කාලයක් හිමිවු ශ්‍රමිකයින්ට වසර 10ක් දක්වා එරට සේවය කිරීමට අවස්ථාව සැලසේ. මෙම ශ්‍රමිකයින් සදහා ජපන් රජය විසින් නේවාසික පහසුකම් සලසා දෙනු ලැබේ. කෘෂි, හෙද, සාත්තු සේවක, ආහාර පාන නිෂ්පාදනය, ඉදිකිරීම්, නැව්බඩුකරණ සහ නැව් යන්ත්‍රරෝපකරණ, ආගන්තුක සත්කාරය, ආහාරසේවා, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තශාලා; විද්‍යුත් සහ විදුලි උපකරණවලට අදාළ කර්මාන්ත, වාහන නඩත්තු කිරීම සහ ගුවන් සේවා වැනි රැකියා ක්ෂේත්‍ර සදහා රජය විසින් ලබාදෙනු ලබන නේවාසික පහසුකම් හිමිවේ.
දෙවන කාණ්ඩයේ ශ්‍රමිකයින් සදහා ජපානයේ රැදීසිටිමේ නිශ්චිත කාලයක් සීමා නොකෙරේ. මෙම ශ්‍රමිකයින් සදහා ස්ථිර නේවාසික පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන්හටද ජපානයේ රැදී සිටිමේ අවස්ථාව හිමිවේ.

popular news
-
A.h. sandamali Wednesday, 14 November 2018 12:47 AM
Godaka hoda wedak bohoma sthuthi.mewage deyaka Kiruna ape rate anagathe parapura menuwena.apita loku upakarayaka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
