හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනපතිවරණයට?
ඉදිරි ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
රටට නායකත්වයක් ලබාදීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ ජාතික ජනතා ව්‍යාපාරය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දේශපාලඥයෙකු නොවන පුද්ගලයෙකු ලෙස මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඇති වාසි අවාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා වී තිබේ.
ජනිත ජනතා ව්‍යාපාරය විද්වතුන් පිරිසකගේ එකතුවෙන් නිර්මාණය වී ඇති අතර රට තුළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් ඔවුහු කටයුතු කරති.
මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන්නේදැයි යනුවෙන් හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසූවිට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
“මම තවම එවැනි තීරණයක් අරගෙන නෑ. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒක විසදේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සාහාය දෙන්න මම ලෑස්තියි. නමුත් මම ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට මෙතෙක් තීරණයක් ගෙන නෑ.”

popular news
-
රජින්ද Thursday, 19 September 2019 04:33 PM
මම හිතන්නේ නැහැ මෙතුමා ඒ තරම් අනුවණයකු වෙයි කියලනම්. මොකද මෙතුමාට මමත් ගරු කරනවා ඒ මෙතුමා මෙතුමාගේ වෘතීයට ගරු කරපු කෙනෙක් විදිහටයි. මෙතුමාට වගේම ශවේන්ද්‍ර සිල්වා, දයා රත්නායක, චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න, රොෂාන් ගුණතිලක, වසන්ත කන්නාගොඩ වගේ මහත්මයින් හුගක් නැහැ ටිකයි ඉන්නේ පක්ෂ භේදයකින් තොරව රට වෙනුවෙන් කල සේවයට මුළු රටක්ම ගරු කරන. නමුත් මේ රටේ ජනාධිපති වීම සහ දේශපාලනයට ඇතුළු වීමට මෙතුමන්ලා උත්සාහ කිරීම මෙතුමන්ලාගේ ගෞරවයට විශාල හානියක් වෙනවා. හොඳම උදාහරණය සරත් ෆොන්සේකා මහත්මයා. බැරිවෙලාවත් මහේෂ් සේනානායක මහත්මයා එවැනි වැරදි තීරණයක් ගත්තොත් එය එතුමන් විසින් මෙතෙක් ගොඩනගාගත් ප්‍රතිරුපයේ ගෙල සිරකිරීමක් වෙනවා. අපි හිතනවා මෙතුමා දේශපාලන මඩ වලට ගෙනත් දාන්න හදන අයව ප්‍රතික්ෂේප කරාවි කියලා.
Reply : 1 1
Ranjan Thursday, 19 September 2019 06:19 PM
ඔබ සිංහයෙක් වගේ මුලදී කීව බදුර්දීන් ඔබට බලපෑම් කලබව. පසුව ඔබ එම වචනය වෙනස් කල. ඔබට කොන්දක්නොමෙති නිසා එහෙම කලේ. ඔබ රටේ නායකකමට සුදුසු නෙත.
Reply : 12 0
somachandra Saturday, 21 September 2019 08:36 PM
Former army commander should contest presidential election. Because we need such capable people to re-construct Sri Lanka.
Reply : 0 1
S. Guruge Monday, 23 September 2019 06:31 AM
අපට කිසියම් හෝ වාසනාවක් ඇතිනම් මෙතුමා වැනි කෙනෙකුගේ මාර්ගෝපදේශකත්වය රටට ලැබෙනු ඇත. මෙතුමාගේ මානුෂිකත්වය, නිර්භීත බව, එඩිතර බව, අවංක බව, හමුදා ප්‍රධානියකු ලෙස තීරණ ගැනීම මෙතුමා හොඳින් පෙන්වා ඇත. මේ අවස්ථාවේ රටට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මෙතුමාට සුදුසු කම් උවමනාවටත් වඩා ඇත. ජවිපෙ සහ සියළුම කුඩා කණ්ඩායම් මෙතුමා වටේ එකතු වන්නේ නම් රට සුභදායක දිශාවට ගෙනයාම අපහසු නොවනු ඇත. අප බලා සිටින තුන්වන බලවේගය මෙතුමා විය හැක.
Reply : 4 45
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

