හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව අද (30දා) පොළොන්නරුවට පැමිණියේය.
මේ අනුව විශ්‍රාම ගොස් නැවත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාවට වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු වන දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියේය.

