හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
- 1 06 2020
- 14:17
- {{hitsCtrl.values.hits}} views
- ..
ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) දහවල් අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව පුද කොට සමරු ග්‍රන්ථයේ ශෝක සටහනක් ද තැබීය.
මාෂල් පෙරේරා මහතාගේ බිරිඳ වන දයා ධර්මබන්දු මහත්මියට, පුත් හිටපු අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතාට සහ දියණිය කිසෝලි මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ට සහ දේශපාලන සමීපතමයන්ට ජනාධිපතිතුමා සිය සිය සංවේගය පළ කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
