හම්බන්තොට වරාය ආශ්‍රිතව මහා පරිමාණ කර්මාන්තපුරයක් බිහි කරනවා - අගමැති
පසුගිය යහපාලන රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් කොළඹ වරාය නගරයෙන් මේ රටට හිමි විය යුතුව තිබූ හෙක්ටයාර 65 කට අධික ඉඩම් ප්‍රමාණයක් අහිමි වූ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරම හන්දියේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය යහපාලන රජය රටේ වටිනාකම වැඩි කිරීම සඳහා සම්පත් බිහි කිරීමg නොහැකි වූ අසමත් රජයක් බවයි.
කොළඹ වරාය නගරය යනු මෙරටට විශාල රැකියා ප්‍රමාණයක් හිමිවිය යුතු ජාත්‍යන්තර ව්‍යාපෘතියක් වන නමුත් පසුගිය යහපාලන රජයේ අදුරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් එම රැකියා අවස්ථා සහ රටට හිමිවිය යුතුj තිබූ හෙක්ටයාර 65 කට අධික භූමි භාගයක් අහිමි වූ බව අග්‍රdමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
එම ගිවිසුම් නැවත සලකා බැලීම සඳහා ඉදිරියේ දී පිහිටුවන පොදුජන පෙරමුණු රජයකදී කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
හම්බන්තොට වරාය ඉදිකරනු ලැබූයේ ඒ ආශ්‍රිතව මහා පරිමාණ කර්මාන්තශාලා පුරයක් ඉදි කිරීමේ අරමුණිනි. ඊට අමතරව දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක වල කර්මාන්ත ශාලා ඇති කිරීමට හැකි වන පරිදි හම්බන්තොට වරාය කර්මාන්ත මූලික කර ගත් වරායක් බවට පත් කිරීමේ අපේක්ෂාවක් පැවතිණි.
නමුත් පසුගිය යහපාලන රජය සමයේ එකදු කර්මාන්ත ශාලාවක් හෝ රටට ගෙන ඒමට ඔවුන් අසමත් වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරයාගේ කැපවීම මත මහා පරිමාණ ටයර් කර්මාන්ත ශාලාවක් සහ ඖෂධ කර්මාන්ත ශාලාවක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

popular news
-
Dayan Saturday, 01 August 2020 01:51 PM
Api nodanna Rajapaksala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

