සයින්දමරුදු නගර සභාවක් කිරීම අත්හිටුවයි
සයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්‍රී ලංකාවේම එක් අවස්ථාවක වෙනස්කම් කිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබේ.
2018 වසරේදී එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ ආකාරයෙන් ඉදිරියට ගොස් ඇති බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
popular news
-
Champa Thursday, 20 February 2020 10:52 AM
හා හා හා යූ ටර්න් ආණ්ඩුව බය වෙලා අඩියක් ගත්ත පස්සට. හැබැයි පොහොට්ටුවේ නිර්මාතෘ ගිය අවුරුද්දේ කිව්වා ප්‍රාදේශීය ජන සමාජ වලට බලය දෙන්න ඕනේ කියල. ඒ කිව්වේ විවිධ මුස්ලිම් ජන වර්ග ඉලක්ක කරගෙන ඔවුන් ඉන්න පළාත් වල පාලන බලය දෙන්න ඕනේ කියන එක. ඒ හින්ද මේ අත්හිටුවීම ජනතාව රැවටීමක්ද කියල ඇස අරගෙන ඉන්න වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

