සජිත්ගේ මැතිවරණ ප්‍රචාරණයට ඉදිරියේදී දැවැත්ත තල්ලුවක්?
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල ඉදිරි සති දෙක තුළදී විශාල පෙරළියක් සිදුවෙනු ඇති බවට ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුදල් ආයේජනය කිරීමට පාර්ශ්ව කිහිපයක්ම එකඟතාව පළකිරීම මේ සඳහා හේතුව වී තිබේ.
ජනපතිවරණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්තාවලදී සජිත් ප්‍රේමදාස මහතා වේගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීපවෙමින් තිබීමත් ඉන්දීය මාධ්‍යයද ඔහුගේ පිබිදීමක් ගැන වාර්තා කිරීමත් හේතුවෙන් මෙසේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරණය නව මගකට යොමුකිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඉදිරි සති දෙකේදී විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණයෙන් පෙරළිකාර වෙනසක් කිරිමට සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණය සිදුකරන කණ්ඩායම් වල අවධානය යොමුව තිබේ.

popular news
-
Abilin Wednesday, 23 October 2019 04:04 PM
ඔය මොන වියදම කලත්, මොන වෙනස කරත් ජනතාව අන්දන්ට නම් මේ වතාවේ බැරිවෙයි!
Reply : 15 4
somasundaram Wednesday, 23 October 2019 04:41 PM
මේක අමුලික බොරුවක් සහ මොහුව පිම්බීමට තැත් කිරීමක්!
Reply : 19 3
samson de silva Saturday, 26 October 2019 09:34 AM
ගෝටා බය වෙලා නේද?
Reply : 1 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

