ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් පොහොට්ටුවට?
නව සන්ධානයක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා අවසන් එකඟතාවකට පත් නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මේ වනවිට කැමැත්ත පළ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදාළ ජ්‍යෙෂ්ඨයන් පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ.
මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා 'පොහොට්ටුව' ලකුණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව හැර ප්‍රතිපත්තිමය කරුණු 25කට අධික සංඛ්‍යාවක් සඳහා දෙපාර්ශ්වය විසින් මේ වනවිට එකඟතාවට පත්ව ඇතිව බවද සඳහන් වේ.
මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක්ද ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමග කෙටි සාකච්ඡා පවත්වා ඇති බවත්, මේ වනවිට ආණ්ඩුව පත්ව ඇති අවිනිශ්චිතාව හේතුවෙන් අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට අවධානය යොමු කළ බවට ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ. කෙසේවුවද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මෙම පක්ෂ අතර රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා නොසිටි බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
Lion Monday, 16 September 2019 01:09 PM
කුණු තියෙන තැනට කුණු එකතු වීම ස්වාබවිකෛ
Reply : 10 6
janahitha Wednesday, 18 September 2019 04:56 PM
පල ඇති රුකට කුරුල්ලෝ වහනවා සත්‍ය එයයි ගෙඩි කුරොලු නම් වහන්නේ නැහැ කුණු නම් කොකෙත් තියෙනවා ටිකක් හෝ සාදාරන කුණු ගොඩ තෝරාගැනීමට අපට පුළුවන්
Reply : 0 6
Kuma Monday, 16 September 2019 03:49 PM
MP ලා 13ක් ඉන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

