වන සංරක්ෂණ නිලධාරිනිය නිවැරදියි - රාජ්‍ය ඇමති පනත ගැන දන්නේ නෑ
ක්‍රීඩාංගණයක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මීගමුව ප්‍ර‘දේශයේ ඉඩමක් ලබා ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කළ වන සංරක්ෂණ නිලධාරිනිය නීතිය නිසියාකාරව සිදුකර තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
වන සංරක්ෂණ පනත ඉතාමත් ශක්තිමත් බවත්, මේ නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිසිදු ඉඩමක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ලබාගත නොහැකි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වන සංරක්ෂණ පනත පිළිබඳ නොදන්නාකම නිසා මෙවැනි දෙයක් කළ හැකි බව පැවසූ බවත්, ඒ නිසා අදාළ ඉඩම වෙනත් කටයුතුවලට ලබා නොදෙන බවද පවසා සිටියේය.
popular news
-
අමරසේන Thursday, 13 February 2020 12:56 PM
සනත් නිශාන්ත රාජ්‍ය ඇමති ,පුසිද්ධියේ ඇගෙන් සමාව ගත යුතුයි.එපමණක් නොව අර එත ගොන් පාටි දාපු ඇමතිගේ ඇමිබැටිටයන් ටිකද පුසිද්ධිසාමාව ගැන්විය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

