ලෝක මුස්ලිම් ලීගයේ ඩොලර් මිලියන 5 ලැබුණේ නැති බව මෛත්‍රීගේ මාධ්‍ය අංශය කියයි
ලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශ්‍රී ලංකාව තුළ සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවට වර්තා වන තොරතුරු අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වුයේ එවකට ජනාධිපතිවරයා ලෙස ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බවත් මෙම මුදල් සම්බන්ධව මතභේදාත්මකව කරුණු ඉදිරිපත් කිරීමත් සමග එවක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මීල් මහතා කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහාම්ද් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් ඊට පිළිතුරු වශයෙන් ලිපියක් යොමුකර ඇති බවත් එම මාධ්‍ය ඒකකය පවසයි.
ප්‍රධාන කරුණු 07 ක් සඳහා නිසි පරිදි තොරතුරු ලබා නොදීම නිසා මෙම මුදල් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බව එම ලිපිය මගින් දන්වා ඇතැයිද ඔවුන් සඳහන් කරයි.
1 ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව
2 මිය ගිය අයගේ ආගම
3 මිය ගිය සහ තුවාල ලැබූවන්ගේ නාම ලේඛනය
4 ප්‍රහාරය හේතුවෙන් සහ ඊට අදාළව හානියට පත් දේපොළෙහි වටිනාකම
5 වැන්දඹවන් සහ අනත් දරු සංඛ්‍යාව
6 වෙනත් අදාළ තොරතුරු
7 ජනාධිපති හෝ අගමැතිගේ පුණාධාර ගිණුම් අංකය
ඒ අනුව එම මුදල් තවමත් ශ්‍රී ලංකා රජයට, පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් පාර්ශවයකට ප්රදානය කර නොමැති බව වැඩි දුරටත් දන්වා ඇති අතර වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කොට සහ ආගමික කටයුතු ඇමතිතුමා සමග සෘජුවම සම්බන්ධ කොට ගෙන අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට බලාපොරොත්තු වන බව ලිපියේ සඳහන්ව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

popular news
-
Nandana Monday, 29 June 2020 08:11 PM
meyata maddya anshyak mokatada,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

