ලාංඡනය ගැන ප්‍රශ්නයක් තිබෙනවා - දයාසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීමේදී ලාංඡනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් පොහොට්ටු ලාංඡනයට අකමැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් අත ලකුණට අකමැති බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා සන්ධානගත වීමේදී සියලු දෙනාට පිළිගත හැකි පොදු ලකුණක් අවශ්‍ය බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පැවසීය.
සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සාර්ථක ලෙස සිදුකරන බවත්, එය කඩාකප්පල් කිරීමට සූදානම් නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේය.
එසේම රටට ජාතිකවාදී බලවේගයක් අවශ්‍ය බවත්, එහිදී දේශීයත්වය රකින දේශීය ව්‍යාපාරිකයන් රකින නායකයෙකු අවශ්‍ය බවත් ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලිබරල් ධනවාදය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැළපෙන මතවාදයට යම් තරමකින් හෝ සමානකමක් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බවත් මහලේකම්වරයා පැවසීය.
popular news
-
kapila Tuesday, 10 September 2019 03:24 PM
අද ජනතාව ඉල්ලන්නේ ගෝටාභයයි කවුරුත් දන්නා ජයග්‍රාහී චන්ද ලකුණ පොහොට්ටුවයි. දයාසිරිලට තමන්ගේ ජාමේ බේරාගැනීමට ඇති එකම විසඳුම පොහොට්ටුවේ එල්ලීමයි. වෙන මොනවා කලත් වල පල්ලේ තමයි. පණ්ඩුවස්නුවර ආසනෙන් පලාත්පාලන චන්දෙදි ශ්රීලනිපය ගත්තේ චන්ද 11,000 යි. ඉතින් මොන කතාද?
Reply : 101 47
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

