ලබන සැරයේ සමහරවිට තරග නොකරාවි
මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඇතැම් විට තමන් තරග නොකරනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් හිතින් ගතින් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග. අපේ පක්ෂයට ඕන කම තියෙනවානම් අපිව අයින් කරන්න කිසි ගැටලුවක් නෑ. අපිව ඉවත් කරපු දෙන් ඒක වෙනම කාරණයක්. මන්ත්‍රීකම දේශපාලනය කරන්න තීරණාත්මක සාධකයක් කියලා අපි හිතන්නේ නෑ.
ලබන සැරයේ අපි සමහරවිට තරග කරන්නෙවත් නැතිවෙයි. නමුත් අපේ දේශපාලනයේ යුග මෙහෙවරක් පංති යුතුකමක් අපිට ඉටු කරන්න තිබෙනවා. ඒක අපි ඉටුකළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගිය එක මම කරපු දේශපාලන වරදක්.”

popular news
-
කළුඅප්පු Friday, 06 September 2019 05:11 PM
අන්න බබෝ ඇතින්නියා .ගලෙන් ගලට පනින්නියා.ගඟ මැද ගල් නොමැති නියා ගගේ ගිලී මැරෙන්නියා
Reply : 0 13
Nandana Friday, 06 September 2019 09:53 PM
තරග කෙරුවත් අන්ත පරාදයක්,ඔබතුමා කීයක් ඔට්ටුද ?මම රෙඩි.
Reply : 0 11
Deepal Nirosh Sunday, 08 September 2019 02:52 PM
බය වෙන්න දෙයක්යැ? තරඟ නො කරත් තමුන්ට හිමි පුටුව ලැබෙනව නොවැ. නිකං බොරුවට මහන්සිවෙන්නෙ මොකට ද?
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

