ලක්ෂ 4කට ආසන්න හෙරෝයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
එළවලු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රදේශ රැසකට හෙරෝයින් බෙදාහැරිමේ ජාවාරමක නිරත වු සැකකරුවන් දෙදෙනෙකු කොට්ටුකච්චිය සත්ව ගොවිපල ආසන්නයේදී ආණමඩුව පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් අද ( 22) දින අත්අඩංගුවට ගෙන තිබුනී.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කොට්ටුකච්චිය සත්ව ගොවිපල ආසන්නයේ නිවාස යෝජනා ක්රමයක කුලි පදනමට පදිංචි සැකකරුවකු හා එම නිවාස යෝජනා ක්රමයේම පදිංචි විශ්‍රාමික ආබාධිත යුද හමුදා සාමාජීකයකු බව පොලීසිය කියයි.
පොලිස් දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පොලිස් බුද්ධි නිලධාරින්ගෙන් ලැබුණ තොරතුරක් මත කැබ් රථයකින් එළවලු ප්‍රවාහනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ 4 කට ආසන්න හොරෝයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලිග්රෑම්ස් 650 ක ප්‍රමාණයක් සඟවා තැරුව්කරුවන්ට අලේවි කිරිමට ගමන් කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන තිබුනී.
සැකකරුවන් ආණමඩුව , පුත්තලම , නිකවැරටිය ඇතුළු ප්‍රදේශ වලට ඉතාම සුක්ෂම අයුරින් එළවලු රැගෙන ගොස් අලේවි කරන අයුරින් මුවාවෙන් හෙරෝයින් ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව කියයි.
සැකකරුවන් දෙදෙනා සමග කැබ් රථයට අත්අඩංගුවට ගෙන තිබුනී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

