රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකින් පසු බසයක ගමන් ගත් පිරිසක් නිරෝධායනයට
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ අද (17) දින සිදුකළ අහමු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදි බසයක පැමිණි එක් මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනයවිමත් සමග එම බසයේ රියදුරු කොන්දොස්තර ඇතුළ පැමිණි මගින් 18 දෙනාම නිවෙස්තුල නිරෝධායනය කිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොළඹ සිට ගාල්ල බලාධාවනය වෙමින් තිබු බසයක සිට මෙම කොරෝනා ආසාදිත රෝගියා හමුවි ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වු මගියා ප්‍රථිකාර සදහා රෝහල්ගත කිරිමට කටයුතු කරණ බවද ඒ මහතා පවසයි. පින්නදුව පිවිසුමේ දි රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 68ක් සිදුකළ බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා පොලිසිය එක්ව මෙකි පි.සි ආර් පරික්ෂන සිදුකරණු ලැබිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

