රටේ ජාතික ආරක්ෂාව නැති කිරිමට රනිල් විතරක් නෙමෙයි සජිතුත් වගකිව යුතුයි - ගෝඨා
රටේ ජාතික ආරක්ෂාව නැති කිරිමට රනිල් විතරක් නෙමෙයි සජිතුත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
“ජනතා ජයග්රහන උදෙසා වමේ ශක්තිය’’ යන තේමාව යටතේ ශි‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුවකට ඊයේ (8) මාතරදි එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙහිදි අදහස් පළකල පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතා ,
"ඉදිරියේදි ජනාධිපතිවරණයේදි කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය මා වෙත ප්‍රකාශ කිරිම මහත් ස්තුතියි ප්‍රකාශ කරන්න කැමතියි . කොමියුනිස්ටි පක්ෂය මට සහයෝගය පළකරන එක පුදුමයක් නෙමෙයි . මොකද අප පක්ෂයක් විදියට ඉදිරිපත් කරන වැඩපිළිවෙල ජනතා කේන්දීය සංවර්ධන සැලැස්මක් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් එයට සමානයි .
අද අපේ රටේ දිළිදුකමින් ජිවත් වෙන කොටසක් ඉන්නවා. මෙන්න මේ අය ඒකෙන් මුදවා ගැනිමේ සංවර්ධන මොඩල් එකක් තමයි අපට අවශ්‍ය වෙන්නේ . අප සකස් කරලා තියෙන ඒ ආර්ථික සංවර්ධන සැලැස්ම සැම කුලයකටම සිටින අයට ප්‍රමුඛත්වය දිලා සකස් කරපු සැලැස්මක් . අපි අහලා තියෙනවා මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ අපි මෙච්චර රස්සා නිෂ්පාදනය කරා කියලා . අපි අහලා තියෙනවා මෙන්න මේවා දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නෙ කොහොමද කියලා. මේ රටේ විරැකියාව නැති කරන්නට නම් අපි රජයක් හැටියට රැකියා උත්පාදනය කරන්න තියෙන සැලැස්ම මොකක්ද? අපි ගොවියන්ට දෙන සහන , දුප්පත් මිනිස්සුන්ට දෙන සහන , අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජන මේවා කොහොමද නිර්මාණය කරන්නෙ කියන එකයි වැදගත් වෙන්නේ . ඒ වගේම මේවා කි‍්‍රයාත්මක කරන්න නායකත්වයක් , කණ්ඩායමක් තමයි අවශ්‍ය වෙන්නේ’’ යැයි පැවසිය .

popular news
-
waruna Wednesday, 09 October 2019 11:49 AM
හතරබීරි කතාවක්. සිරිසේන වගකිව යුතු නැද්ද?
Reply : 0 0
Shanuka Wednesday, 09 October 2019 12:16 PM
එතකොට ඒ කාලේ මුන් පඩි දීලහදපු ඒවාට කවද වග කියන්න ඕනි ???
Reply : 0 0
Nandana Wednesday, 09 October 2019 12:40 PM
මෙයාගේ පරණ අගතිය තාම තියනවා ,රනිල් ට දොස් කීවට කමක් නැහැ අගමැති නිසා , සජිත් ට බනිනවා කියන්නේ බයට විරුද්දවාදියා නිසා
Reply : 0 0
Deepal Nirosh Thursday, 10 October 2019 10:35 AM
දැන් ඉතින් රටට අවශ්‍ය ජාතික අනාරක්ෂිත භාවයට වගකිව යුතු නො යුතු අය සෙවීම නොවෙයි. බලයට ගෙන කෙනා රටේ ගිලිහී ගිය ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීම තම ප්‍රථම රාජකාරිය කර ගැනීමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

