යුද හමුදාපතිගේ රුව රැගත් දැන්වීම ගැන ඔහු ප්‍රකාශයක් කළ යුතුයි - මැකෝස
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෙර කළ ප්‍රකාශයක් ඔහුගේ රුව සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සති අන්ත පුවත්පතක පළ කළ දැන්වීම පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කරනු ඇතැයි තමන් බලපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද (16දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ එම දැන්වීම වැරදි දැන්වීමක් බවයි. එසේම යුද ජයග්‍රහණය කිසියම් පක්ෂයකට අයිති නොමැති බවත් එය රටට අයිත් බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
"යුද හමුදාපතිගේ ප්‍රකාශය ගැන දැන්වීම වැරදියි. අපි ඒ ගැන ඒ පක්ෂයට දැන්වූවා. ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මේ ගැන කරුණු දක්වන්න කියලා අපි ලිපි යොමුකළා. .
මේක කිසිඳු යහපත් දේශපාලනයකට අනුගත වෙන්නේ නෑ. මේ කරුණ ගැන අපි හිතනවා ලුතිනන් ජනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. එහෙම කළේ නැත්නම් අපිට කියන්න තිබෙනවා එය එතුමා අනුමත කළා කියලා.
විශ්‍රාමික හමුදා නිලධාරියෙක් නිල ඇදුමින් සිටින දැන්වීමක් පළ කරන්න බෑ. යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් සෑම පක්ෂයකට අයත් අය දායක්තවය දැක්වූවා. යුද ජයග්‍රහණය රටේ එකක් මිස පක්ෂයක එකක් නෙමෙයි."

popular news
- 
                            විශ්‍රාමික හමුදාපති Thursday, 17 October 2019 06:24 AM පුවත් පත් වල දැන්වීම් අංශ බාර ප්‍රධානීන්ගේ නියමයන් අනුව මැතිවරණ දැන්වීමක දී භාවිතා කරන පුද්ගල ඡායාරූප සහ අත්සන් පිළිබඳ ඒවායේ පෙනී සිටින සහ සඳහන් පුද්ගලයන්ගේ කැමැත්ත ලිඛිතව අදාල ආයතන වෙත දැන්වීම් සපයන්නා විසින් ලබා දිය යුතුය. නොඑසේව දැන්වීම ප්‍රචාරය කරන්නේ නැත. ඒ අනුව මෙහි පෙනී සිටින විශ්‍රාමික හමුදාපතිවරුන්ගේ සහ වත්මන් හමුදාපතිවරයාගේ කැමැත්ත ලිඛිතව අදාල පුවත්පත් වෙත ලබා දී තිබිය යුතුය. මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රකාශය අනුව මෙකී දැන්වීමේ පෙනී සිටින වත්මන් හමුදාපති ශවේන්ද්‍ර පමණක් නොව විශ්‍රාමික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක සහ දයා රත්නායක ද සිදුකර ඇත්තේ බරපතල විෂමාචාරයකි. ගෝඨාභය රාජපක්ෂ විනය ගරුක රටක් හදන්නේ මේ ආකාරයේ විෂමාචාර කරමින්දැයි Reply : 1 0 අයිය Thursday, 17 October 2019 06:25 AM “දැන් මේ මැතිවරණේ ජනාධිපති අපේක්ෂකයා තමුන්නාන්සෙ ද..? එහෙමත් නැත්නම් අයිය ද..?” “අයිය තමයි දන්නේ... හෙහ්... හෙහ්... හෙහ්.... ඇයි එහෙම ප්‍රශ්නයක් ඇහැව්වේ..” Reply : 1 0 Champa Thursday, 17 October 2019 07:18 AM එහෙම කොහොමද? මේ කතා දෙකටම විරුද්ධයි. මැකෝ ඉන්න ඕනේ ස්වාධීනව. ඊට ඉස්සෙල්ල කියන්න ඕනේ මේක. යුධ හමුදාපතිතුමාගෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න කියල ඉල්ලන එක කැකිල්ලේ තීන්දුවක්. යුධ හමුදාපති මක්කරන්නද එයාගේ පින්තූරේ පාවිච්චි කලාට? නිදහසට කාරණා අහන්න ඕනේ පොහොට්ටුව්වෙන්. ඇයි මොකොද මැකෝතුමා බයද බැසිල්ට? මැකෝ ඉන්න ඕනේ ස්වාධීනව. චන්දයක් තියෙන වෙලාවක දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීම වැරදියි. යුද්ධය ගැන මැකෝ දේශපාලන ප්‍රකාශයක් කිරීම වැරදියි. යුධ ජයග්‍රහණය හැම පක්ෂයකටම අයිති නැහැ. ඒ ජයග්‍රහණය අයිති මහින්දගේ නායකත්වයෙන් තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයට විතරයි. හිතන්න එපාමිනිස්සුන්ට මතක නැහැ කියල කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව - තොප්පිගල කියන්නේ කැලයක් වගේ හමුදාව හෑල්ලු කරපු කතා. මහින්ද යුද්ධෙට නායකත්වය දුන්නේ යූඑන්පී, NGOකාරයෝ සහ ජාත්‍යන්තරයේ දහසකුත් එකක් පීඩන තර්ජන සහ බාධක මැද්දේ. එහෙම කරලා දිනපු යුද්ධේ වෙන පක්ෂ වලට අයිතිය කීම සම්පූරනයෙන්ම හෙලා දකිනවා. මැකෝ හොඳ හිතින් දේශපාලන ප්‍රකාශ කීම නතර කරන්න හොඳද. අනුන්ට උපදෙස් දෙන්න ඉස්සෙල්ල තමන් හරියට වැඩ කරන්න ඉගෙන ගන්න. Reply : 0 12 පාලිත කෝරලගේ Friday, 18 October 2019 02:36 PM හමුදා පති වරුන්ට ජනාධිපති අපේක්ෂකයා වෙන්න පුළුවන් නම් ඇයි මේ වගේ දෙයක් වැරදි වෙන්නෙ කොහොමද Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                