මුස්ලිම් ජාතිය කොන් කරන්න හදනවා- අගමැති
වර්තමානයේදී මුස්ලිම් ජනතාව කොන් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත් සිංහල රජවරුන්ට මුස්ලිම් ජනතාව ගැන විශල විශ්වාසයක් තිබුණ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. කුරුණෑගල පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“සිංහල රජවරුන්ට විශාල විශ්වාසයක් තිබුණා කිසිම ප්රශ්නයක් නැතිව මුස්ලිම් ජනතාව රජතුමාව ආරක්ෂා කරලා දෙයි කියලා. 1815 වත් කිසිම මුස්ලිම්වරයෙක් ගිහින් ඔය ගිවිසුමට අත්සන් කළේ නෑ. සම්බන්ධ වුණේ නෑ.
සමහරු බලනවා අද මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන් කරන්න. තමන්ගේ දේශපාලනයේ වාසියට. ඕනෑම ආගමක, ඕනෑම කණ්ඩායමක වැරදි කරන, මරන අන්තවාදීන් ඉන්නවා. ඒක නවත්වන්න බෑ.
ඒක නවත්වන්න පුළුවන් අඳුනගෙන ඒ අය ඉවත් කරලා. ඒත් සමස්තයක් හැටියට (මුස්ලිම් ජනතාව) සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කරලා දුන්නා. ඔක්කොම එකට එකතුවෙලා. දැන් ලාංකිකයන් ලෙස ඉදිරියට යන්න ඕන”

popular news
-
kapila Sunday, 18 August 2019 10:51 PM
ගරු අගමැති තුමනි. හැකිනම් පෙන්වන්න තම ආගමට අදාළ නොවන පලියට ඔවුන් මරපු අන්තවාදියෙක් බොදු, කිතුනු, හින්දු සමාජය තුල ඉන්නවද?. ඉන්දියානු ඉතිහාසය තුල අන්යාගමිකයින් ලක්ෂ ගණන් ඝාතනය කලේ මෝගල් වැනි ඉස්ලාම් දහම අදහන අන්තවාදීන්. ඔබතුමා මුස්ලිම් චන්ද වලට කෙල හලනවා කියල අපි දන්නවා. එහෙත් මෙම ප්රකාශය නිසා එක මුස්ලිම් චන්දයක් ලැබෙනකොට අනික් චන්ද තුනක් වත් අහිමි වෙනවා. මෙවර UNP පරදින්නේ ඔයවගේ කටවල් නිසයි.
Reply : 39 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

