මුලතිව් කැලයකින් හමුවු යුද උපකරණ
- 9 10 2019
- 14:50
- {{hitsCtrl.values.hits}} views
- වව්නියාව මධුශංක අමරසිංහ
මුලතිව්, අලම්පිල් ප්රදේශයේ කැලෑවක යුද සමයේදී වළ දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (08) දින මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මුලතිව්, පොලිස් විශේෂකාර්ය බලකා සෙබළුන් විසින් අලම්පිල්, කොහොඹගස් හන්දිය ප්රදේශයේ කැලෑබද ප්රදේශයකදී සිදුකළ සොදිසියකදී අදාළ බෝම්බ සහ පතොරම් තොගය මෙලෙස සොයා ගැනුනි.
එසේ සොයාගත් දෑ අතර මිලිමිටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 04 ක්, මිලිමීටර් 7.62 x වර්ගයේ පතුරම් 357 ක්, අත්බෝම්බ 03 ක් සහ ටී 56 අවි සඳහා භාවිතා කරනු ලබන මැගසින් 01 ක් මෙහිදී හමුවී තිබේ.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ යුද උපකරණ තොගය වළදමන්නට ඇති බවට සැක පළ කෙරෙන අතර මුලතිව් අධිකරණ නියෝගයකට අනුව සොයාගත් බෝම්බ නිශ්ක්රීය කිරිමට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් පියවර ගෙන ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
