මිත්‍ර රාජ්‍යයන් අසීරු අවස්ථාවලදී එකිනෙකාට උදව්කරගත යුතුයි - මෝදි
සහෝදර සහ මිත්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ඒක්දින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යරයා හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර පැවැති හමුවේදී මේ බව සඳහන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බවත් ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම බවත් ඔහු පැවැසීය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවාගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබඳව ද නායක දෙපළ අතර සාකච්ඡා ඇතිවිය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටම ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ රටවල් වන අතර කුමන අන්දමේ හෝ ත්‍රස්ත ප්‍රහාරයක් තරයේ හෙළා දකින බව අවධාරණය කළ නායකයෝ ත්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළයුතු බවට ද එකඟ වූහ.
ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබඳතාවය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බවයි.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත්රවල උන්නතියට වඩා යහපත් තත්ත්වයක් වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


popular news
-
Champa Sunday, 09 June 2019 11:11 PM
බම්බු සහෝදර සහ මිත්‍රකම. ඉන්දියාව යටි හිතින් තනිකරම ලංකා විරෝධී. ඈත අතිතයේ ඉඳන් ඉන්දියාව ලංකාවට කලේ හතුරුකම්. අවුරුදු 7000 කට වඩා අතීතයේ හිටපු රාවණා රජ්ජුරුවන්ව අදටත් සංකේතාත්මකව මරන්න මොන තරම් වෛරයක් තියෙන්න ඕනේද? ලංකාව කියන්නේ ඉන්දියාවට වඩා විශිෂ්ඨ ශිෂ්ඨාචාරයක් සහ උත්කෘෂ්ඨ ඉතිහාසයක් තිබුණු, ශ්‍රේෂ්ඨ නරපතියන් රජකළ රටක්. අපේ ඉතිහාසය එක්ක ඉන්දියාවට හැරෙන්නත් බැහැ. මම කියන්න ගියේ ඉන්දියාව ඇමරිකාව එක්ක එකතු වෙලා වහල් පාලකයන් බානක් රජ කරලා 2015 ලංකාව අරාජික කළා. ඊට පස්සේ නැවත 2019 ඇමරිකාවත් එක්ක එකතු වෙලා ත්රස්තවාදයක් නැති රටක ත්රස්තවාදයක් ඇති කළා. ඉන්දියාව කවදාවත් ලංකාවට නැගිටින්න දෙන්නේ නැහැ. අනික අපේ වහල් දේශපාලකයෝ බලයට පත් වුනහම ඉස්සෙල්ලම දුවන්නේ ඉන්දියාවට. ලංකාවේ ඊළඟ ජනාධිපතිට, රාවණා රජ්ජුරුවෝ මරපු අදටත් මරණ රටට, (මැරුණේ නැහැ විෂ පොවපු ඊතලේ වැදුනේ බඩේ හංගන් හිටපු බෙහෙත් කෙන්ඩියට ඒ හින්ද සිහි මුර්ජා වුනා කියල පැරැන්නෝ කියනවා) සහ ඊට පස්සෙත් ලංකාවේ අන්තිම යක්ෂ රජ්ජුරුවෝ මහා කාලසේන මරල කුවේණි එක්ක රට අල්ල ගත්ත විජය හොරා ආපු ඉන්දියාවට පලවෙනි ගමන නොයන්න කොන්දක් තිබේවා කියලා ප්‍රාර්ථනා කර
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

