මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් 2024 දි අවසන්
ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට පවරයි.
සුවපහසුවෙන්, ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියකුම සතු අයිතියකි. ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුණු අන්තර් සම්බන්ධතාව පිටුදැක කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් ජනතාවට දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර ඇත.
රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු විය යුතු යයි ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
කුඩා පාලම්, වැල් පාලම් සහ ඒදඬු වෙනුවට නව පාලම් ඉදි කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කි.මි 8,000ක වැඩ අරඹා තිබේ. ඉන් මාර්ග කි.මි 400ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කර ඇත.
මාර්ග ඉදිකිරිමේ දී යොදා ගන්නා පස්, ගල්, වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බව ජනාධිපතිතුමා පැවසීය. සම්පත් සම්පාදනයට අනුමැතිය දිය යුතු පරිසර, වනජීවි, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද අද සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.
ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයැයි ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකෙන්ම විය යුතු අතර, උප කොන්ත්‍රාත්දීමට කිසිවිටෙකත් ඉඩ නොදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

