මාරවිල ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු ඇතුල්විම පිටවිම තහනම්
මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.
මෙසේ ඇතුල්විම් පිටවිම සම්පුර්ණයෙන් තහනම් කර ඇත්තේ ඉහළ නාත්තන්ඩිය ,පහළ නාත්තන්ඩිය , මැද නාත්තන්ඩිය , මරද උතුර, මරද දකුණ, හාල්පන්විල ගම්මාන බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොවිඩ් 19 ( කොරෝනා ) වසංගතයට ගොදුරු වි මරණයට පත්වි ඇත්තේ මාරවිල හාල්පන්විල පදිංචි 60 හැවිරිදි ධර්මසිරි ජනානන්ද නැමති එක් දරු පියකු බව පවසයි .
මේ සමගම නාත්තන්ඩිය ප්‍රදේශයෙදී ඊයේ දින කොරෝනා ආසාදිතයකු හමුවි ඇති අතර මොහු ගම්මාන ගණනාවක ජනතාවට වියළි ආහාර බෙදාදිම කර ඇති බවත් මේ නිසාම ඉහත ගම්මාන වල ජනතාව දින 14 ක් නිවෙස් තුළම රඳවමින් නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු ආරම්භ කර තිබේ .
මේ වන විට අදාළ ගම්මාන වලට කිසිම අයුරකින් පිටවිම ඇතුල්විම නවතා ඇති අතර පොලිස් යුද හමුදා කණ්ඩායම් යොදවා ඇති බවද ජනතාව පවසයි .

popular news
-
සිරිල් Sunday, 29 March 2020 10:24 AM
කරුණාකර මුළු ලංකාවම සති දෙකකට වසා දමන්න මෙය මීට කලින් කලා නම් අද වෙනකොට මෙම උවදුර මෙතෙක් දුරට බලපා නැති බව මගේ පෞද්ගලික අදහස වේ අපි තවමත් ප්‍රමාද නැත කරුණාකර ජනාදිපතිතුමනි තීරණයක් ගන්න. තෝරාගත් පිරිසක් නොව මෙය මුළු ලංකාවම ස්වයං නිරෝධනය විය යුතු කාලයයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
