පුරාවිද්‍යා රක්ෂිතයක කැණිම් කල පිරිසක් අත්අඩංගුවට
මොනරාගල දිස්ත්‍රික් පුරාවස්තු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹෙකෙම ප්‍රදේශයේදී ඊයේ (31) දහවල් සිදු කල වැටලීමකදී නිදන් සොයා කැණීම් කල පුද්ගලයන් අටදෙනෙකු උපකරණ තොගයක්ද සමග අ ත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් විසින් අරඹෙකෙම විහාරස්ථානය ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ පොකුණක් ආශ්‍රිතව ඇදිරි නීතිය අවස්ථාවේදී මෙම කැණීම් සිදු කර ඇති අතරපොලිසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු පනහත් හැටත් අතර වයස්වල පසුවන කලුතර, පානදුර,තිස්සමහාරාමය සහ පන්නෙගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්බව පොලිසිය කියයි.
ඔවුන් සන්තකයේ තිබී කැණීම් සදහා යොදාගත් ඩෙටනේටර් නවයක්,වෙඩි බෙහෙත්,ගල්විදින උපකරණයක්,සවල්,අලවංගු ඇතුළු උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන
තිබේ. සැකකරුවන් විසින් කැණීම් සිදු කල ස්ථානයේ විශාල වලක් හරා පොකුණ විනාශ කරමින් කැණීම් සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
සැකකරුවන් ඉදිරි විමර්ශන සදහා තණමල්විල පොලිසිය වෙත භාරදී ඇති අතර එම සැකකරුවන් අද (1) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

