පුරවැසිකම් අයින් කරගෙන ආවට නෝනයි දරුවයි ඇමෙරිකාවේ
ඇතැම් අය ඇමෙරිකාවේ සිටිමින් අධිරාජ්‍යවාදීන්ට බනින බවත් පුරවැසිකම් අයින් කර ගැනීමට කටයුතු කරන අයගේ බිරිඳ හා දරුවන් සිටින්නෙ අමෙරිකාවේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
බදුල්ලේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
“හැමතිස්සෙම කථා කරන්නේ ඇමෙරිකාව ගැනනේ. දැන් ටී.වී. එකේ බැලුවත්, රැස්වීමක් තිබ්බත් කථා කරන්නේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව.
නමුත් දැන් අපේ නායකයෝ කී දෙනෙක් අද ඇමෙරිකාවේ ඉන්නවද? අද ඇමෙරිකාවට විරුද්ධව කථා කළාට නෝනා ඉන්නේ ඇමෙරිකාවේ. පුතාලා ඉන්නේ ඇමෙරිකාවේ.
අනිත් සමහර නායකයන්නේ නෝනයි, පුතයි, දුවයි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. තව නායකයෙක්ගේ දුව ඉන්නේ ඇමෙරිකාවේ. අපේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ගේ මුළු පවුලම ඉන්නේ ඇමෙරිකාවේ.
ඇමෙරිකාවේ කකුල් දෙක තියාගෙන මෙතන ඇවිත් ඇමෙරිකාවට බනිනනවා. ඇයි කෙලින් කථා කරන්න බැරි. ඒ අය නායකත්වයට ආවොත් ඇමෙරිකාවට විරුද්ධ වෙනවද?
නෑ සමහර අය පුරවැසිකම් අයින් කරගෙන නෑ. පාස්පෝට් භාරදීලා විතරයි තිබෙන්නේ. පුරවැසිකම් අයින් කරගෙන ආවට නෝනයි, දරුවයි ඉන්නේ ඇමෙරිකාවේ.
එක කකුලක් මෙහේ එක කකුකල් මේ. ඒ රටවල රැකවරණය අරගෙන ජීවත් වෙලා ඇමෙරිකාවට බනිනවා. මේවා තමයි විහිලු. මේවා තමයි ඉවසගන්න බැරි.
මහින්ද මහත්තයට එන්න බැරිනම් ඊළඟ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් දාන්න. ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය බැලුවොත් මම ඉන්නේ තුන්වෙනියට. මට ඉස්සර තව දෙන්නෙක් ඉන්නවා. රෙද්ද බැනියම අදින කෙනෙකුත් ඉන්නවා.”

popular news
-
sumathipala samaraweera Sunday, 07 July 2019 01:00 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ඇත්ත ඇති සැටියෙන් නිර්භීතව ම ප්‍රකාශ කිරීම ගැන ජයෙන් ජය පතමි.
Reply : 0 0
Deepal Nirosh Sunday, 07 July 2019 01:05 PM
මගෙ අම්මෝ ගෝඨා භය??? අමෙරිකානු පුරවැසියෙකු වුණත් එදා අමෙරිකානු තර්ජන නො සලකා නන්දිකඩලාල් ජයග්‍රහණය අවසන් වන තෙක් සෘජු ස්ථාවරයක සිටි නිසයි ත්‍රස්ථවාදය අවසන් කරන්න පුළුවන් වුණේ. හැබැයි තමුන්ගෙ නායකය ඊට බයේ විදේශගත වුණා නේද?
Reply : 0 0
janahitha Sunday, 07 July 2019 05:41 PM
නයන කුමාරි දුම්රියේ ප්‍රශ්නේ නේ වෙලා තියෙන්නේ කෝච්චිය අවශ්‍ය වෙලාවට, යුද්දයක් පවතින වෙලාවක පිටරට හරවන්න සිදුවෙන්න ඇති නැති නම් ඇමැතිවරුත් අපිත් කෝච්චිවලට යටවෙනවා ඔන්න ඕව අමතක කරලා දාල එකතු වෙලා රටට වැඩ කරන්න
Reply : 0 0
chandana Monday, 08 July 2019 09:31 AM
ලංකාවේ ඉඳගෙන ලංකාවෙ පුරවැසියන් රටට කරන විනාශය ගැන බැලුවම, පිට රටවල ඉන්න ඒත් රටට ආදරේ අය අපිට කොයිතරම් වටිනවද ආයිබෝවන්ඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

