පාලිත තීරණය වෙනස් කරයි
තම මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාට බාරදුන් බවත්, පවතින මැතිවරණ නීතිය අනුව කිසිදු අපේක්ෂකයෙකුට ඉල්ලා අස්වීමට නොහැකි බව පවසමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එය බාර නොගත් බවත් පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (08දා) දහවල් මැතිවරණ කොමිසම් කාර්යාලය අභියසදී පැවසීය.
කැමතිනම් ප්රචාරණ කටයුතුවලට සහභාගි නොවී සිටිය හැකි බවත්, එහෙත් ඡන්ද දායකයන්ට තම අංකය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හැකි බවද සභාපතිවරයා මෙහිදී පැවසූ බව පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
එසේ තමා ප්රචාරණ කටයුතුවලට සහභාගි නොවී නිහඬව සිටින විට කළුතර දිස්ත්රික්කයේ තම හිතවතුන් කොටසක් තමාට ඡන්දය භාවිත කළ විට අඩු මනාප ප්රමාණයක් ලැබීමෙන් තමා සමග සිටි කළුතර දිස්ත්රික්කයේ ජනතාවට අසාධාරණයක් සිදුවන බවත්, ඒ නිසා තමාට ඉල්ලා අස්වීමට නොහැකි බැවින් පෙරටත් වඩා වැඩි ජවයකින් මෙවර මැතිවරණ සටනට මුහුණදී ජයග්රහණය කිරීමට නැවත තීරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
-
Demuni Uduwara Thursday, 09 July 2020 07:48 AM
We are learnt that the estates community prefer you and don't disappoint them.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

