නිදහස් පක්ෂයට ඉතිරිවන මන්ත්‍රී ගණන සුසිල් කියයි
ජනාධිපතිවරණ නාමයෝජනා භාරදෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනාගෙන් භාගයක්වත් එහි ඉතිරි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ කොළඹ, විපක්ෂනායක කාර්යාලයේදී අද (11දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෑතකාලීනව පත්වූ නිලධාරීන් විසින් ගත් නොමේරූ තීන්දු හේතුවෙන් එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනෙකුට ලඝුව ඇති බවට එහිදී පෙන්වා දුන් මන්ත්‍රීවරයා, 'ලකුණු' ගැන කියමින් තවදුරටත් කාලය අපතේ නොයවා ප්රගතිශීලී පාර්ශ්වයේ 'හිට ගන්නා' ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.

popular news
-
කපිල Wednesday, 11 September 2019 10:39 PM
දයාසිටි සහ දුමින්ද ට අවශ්‍ය වෙලා තියෙන්නේ ලොක්ක අමාරුවේ දාල UNP එකට හේත්තු වෙන්න. ජනාධිපති තුමා හෝ වෙන අපේක්ෂකයෙන් ඉල්ලුවොත් එය ශ්‍රී ල නි ප අවසානයයි. ගතහැකි චන්ද ප්‍රමාණය 400,000 හෝ ඊට අඩුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

