නවක මන්ත්‍රීන්ට වාහන පර්මිට් දීම ගැන නැවත සිතන්නයි ජනපතිගෙන් ඉල්ලයි
2020 පාර්ලිමේන්තුවට පත්වු නවක මන්ත්‍රිවරුන් 79 දෙනකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දිමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍යංශ කටයුතු කරගෙන යන බව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් දැනගන්න ලැබුණ බවත් එම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසත් සඳහන් කරමින් හෙළ බොදු සවිය සංවිධානය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
තීරුබදු රහිත වහාන බලපත්‍රය කෝටි 3 කට අසාන්න බවත් රජයේ ඇතැම් කැබිනට් ඇමැතිවරුන් ජනතාවට බඩුමිල සම්බන්ධයෙන් කෙටිකාලීන සහනයක් දිය නොහැකි බව දැනටමත් ප්‍රකාශ කර ඇති අවස්ථාවක ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහන මිලට වාහන බලපත්‍ර නිකුත් කිරීම කොපමණ දුරකට යුක්ති සහගත දැයි එම සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියෝ සඳහන් කරති.
“ජනතාවගේ අත්‍ය අවශ්‍ය දෛනික ආහාර ද්‍රව්‍යවල මිළ ඉහල ගොස් ඇත. ඒ අතර සීනි කිලෝ එකක මිළ රුපියල් 145ක් වෙයි. පොල්ගෙඩියක් රු.100 කට ගත නොහැකි ජනතාව පොල්ගෙඩියේ භාගයක් අරගෙන යයි. හාල් පරිප්පු වැනි අහාර ද්‍රව්‍ය ඉහළ ගොස් ඇති බව ඔබ නොදන්නා කරුණක් නොවේ. එවැනි අවස්ථාවක දි ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ට සහන මිලට වහන බලපත්‍ර නිකුත් කිරිම කොපමණ දුරට යුක්ති සහගත ද යන්න නැවැත සලකා බලන ලෙස ඉල්ලා සිටින්නට කැමැතෙමි.” යනුවෙන් උන්වහන්සේ සිය ලිපියෙන් ජනපතිවරයාට සඳහන් කරති.
popular news
-
DOSIR Friday, 18 September 2020 06:26 PM
20ta chande denne munne. Dan ithin rajya sewakayanta padi gewanna salli nathi unata munta dolapideni hitu kiyala devi. waththa baddata deela assata datha niyawapiyawu. Api kiuwa mekekutawath kawadawath sulubahuthrayak arenna 2/3 denna epa kiyala.visheshayenma RAjapaksha set ekata. Dan ithin DOSIR Anduwa dena deyak kala idapalla. Wananthara nathi wela maka kantharayak unath moko "RATA THIYENAWANE"///////
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

