තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ද සියලුම තැපැල් ඡන්දදායකයන් දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැලඳීම සහ දෑත් සේදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව තැපැල් ඡන්දදායකයන්ද ඡන්දය භාවිත කිරීම සඳහා නිල් හෝ කළු පෑනක් රැගෙන ඒම සුදුසු බවත්, තැපැල් ඡන්දය සලකුණු කරන ස්ථානවල කෝවිඩ්19 පාලනය සඳහා ක්‍රියාවට නැංවිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යමණ්ඩල විසින් ක්‍රියාත්මක කරනු ලබන බවත් එම කොමිසම පෙන්වා දෙයි.
තැපැල් ඡන්දය පැවැත්වෙන කාර්යාලවල සේවය කරන කිසිවෙකුට හෝ පිළිගත් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයෙකු වශයෙන් තැපැල් ඡන්දයේ නිරීක්ෂණ කටයුතුවල නිරත විය නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථා නිරීක්ෂණය කිරීමට පිළිගත් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් එක් නියෝජිතයෙකු බැගින් හා පැෆරල් සංවිධානය, මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධාන නියෝජිතයෙකුට බැගින් අවසර ලබා දී තිබෙන බවද එම කොමිසම පෙන්වා දෙයි.
තැපැල් ඡන්දය මේ මස 13, 14, 15, 16, 17, 20 සහ 21 යන දින හත තුළදී පැවැත්වේ.