ඩඩ්ලි ඉදිකළ රු කෝටි 5ක ගොඩනැගිල්ලක් වෛද්‍යවරුන් හා හෙදියන් වෙනුවෙන් දෙයි
අලුතින්ම ඉදිකරන ලද රුපියල් කෝටි පහක් පමණ වටිනා අති නවීන වැඩිහිටි නිවාස සංකීර්ණයක් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන්යේ සේවය කරන වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලවල අවශ්‍යතා සදහා යොදා ගැනීමට අද (09දා) අරලිය සමූහ ව්‍යාපාරය විසින් පොලොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාට පරිත්‍යාග කළේය.
අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සහ ඔහුගේ පුත් දිමිත්‍රි සිරිසේන මහතා ඇතුළු පිරිසක් මෙම පරිත්‍යාගය සිදු කළහ. වැඩිහිටි නිවාස සංකීර්ණයක් ලෙස පොලොන්නරුව පැරකුම් උයන ප්‍රදේශයේ ඉදි කළ මෙම ගොඩනැගිල්ල ලබන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ විවෘත කර ජනතාව වෙත සේවා සැපයීමට නියමිතව තිබිණ.
මෙම ගොඩනැගිල්ල කාමර 50කින් යුත් අති නවීන පන්නයේ එකක් වන අතර නිස්කලංක පරිසරයක පිහිටුවා තිබීම ද විශේෂිතය.
මෙහි දී අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැමිණ සිටි පිරිස අමතා මෙසේ ද කීය.
"මම කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වැලිකන්ද රෝහලේ අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂ 55ක් විතර වටිනා භාණ්ඩ හා අවශ්‍ය දේවල් සැපයුවා. වැලිකන්ද තමයි දිවයිනේ කොරෝනා රෝගීන් සුව කිරීම සදහා ඇති දෙවන විශාලම රෝහල.
මම මේ සියලුම රෝගීන් සුව වෙලා ගෙදර යනකල් සියලුම වියදම් දරනවා.නමුත් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල කැපකිරීමක් කරනවා.ඒ අය වීරවරුන් වගේ ඉස්සරහට ඇවිල්ලා මේ කාර්යය කරන්නේ.
නමුත් ඔවුන්ගේ ආරක්ෂාවට සුව පහසුවට තැනක් නැති නිසා මම මේ උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණු රුපියල් කෝටි 5ක් පමණ වටින ගොඩනැගිල්ල රෝහල් අධ්‍යක්ෂතුමාට පවරා දෙනවා.
එතුමන් තීන්දු කරන ඕනෑම කටයුත්තකට යොදා ගන්න කියලා.ඒ වගේම අපි කොරෝනා සටන දිනනවා. අතිගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා වැලිකන්දට එන අවසාන කොරෝනා රෝගියාත් ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් මමත් මගේ සමූහ ව්යාආරයේ සියලුම කාර්ය මණ්ඩලත් එක්ව බලාගන්නවා."



popular news
- 
                            Srikantha Friday, 10 April 2020 06:55 AM . Stil you have kind heart with no politcal corruption . Salute you sir. Puujatha puuja neeyanam. Etham mangala muththamam. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                