ඥානසාර හිමි අධිකරණයට අපහාස කිරීමේ නඩුව පෙබ 17දා විභාගයට
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් දෙමල ජාතික සන්ධානය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලතිව් ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන සහ පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා වගඋත්තර කරුවන් කරමින් ගොනු කල නඩුව අද (8දා) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී, මෙම නඩුවේ අපරාධමය වටපිටාවක් පවතින බැවින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බව අධිකරණයට දන්වා ඇති බව විනිසුරුවන් සඳහන් කරන ලදි.
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා, අධිකරණයෙන් දන්වා ඇති පරිදි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද දිනයේ අධිකරණයේ පෙනී සිටින බවත් මෙම නඩුව සඳහා ජේෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකු පෙනී සිටීමට නියමිත බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.
පෙත්සම්කාර දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා වෙනුවෙන් පෙනීසිටින දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අද දිනයේ අධිකරණයට පැමිණ නොසිටි අතර ඔහු වෙනුවට වෙනත් නීතිඥවරියක් කරුණු දක්වමින් මෙම නඩුව සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලු අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් මෙම නඩුව 2020 පෙබරවාරි 17 නැවත කැඳවීමට නියෝග කර සිටි අතර අධිකරණයේ පහසුව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට මෙම නඩුව සඳහා පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර සිටියේය.

popular news
-
Champa Saturday, 09 November 2019 04:54 AM
එතකොට අධිකරණ නියෝග කඩල ගුරුකන්ද පන්සලට ගිහින් තර්ජනය කරපු TNA මන්ත්‍රීවරුන්ට විරුද්ධ නඩු කෝ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

