ජනපතිවරණයේ ඇප මුදල් ප්‍රමාණය වැඩි කිරිමට සාකච්ඡා
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට වන පුද්ගලයන් ගෙන් ලබා ගන්නා ඇප මුදල, මැතිවරණය සඳහා වන සමස්ත වියදමින් 10%ක් හෝ රුපියල් මිලියන 05 දක්වා වැඩි කළ යුතු බවට මැතිවරණ ක්ෂේත්රයේ සාකච්ඡාවක් සිදුව තිබේ.
අනපේක්ෂිත ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂ්කයන් ප්‍රමාණය ඉහළ යාමෙන් මහ ජනතාවට දැරිය යුතු වියදම අධික වී ඇති හෙයින් මේ පිළිබඳ සාකච්ඡාව ඇති වී ඇතැයි 'අද' ට වාර්තා වේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඊයේ (06දා) වනවිට අපේක්ෂකයන් 41ක් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි වීමෙන් මැතිවරණය සඳහා සහභාගීත්වය වැඩි වීම යහපත් ලක්ෂණයක් වුවද, කිසිදු දේශපාලන මතයක් නොදරන පුද්ගලයන්ද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමෙන් මැතිවරණය සඳහා වන වියදම ඉහළ ගොස් ඇත.
ජනාධිපතිවරණය සඳහා ඉතිහාසය වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණය ඇප තැන්පත් කළ ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය බවත්, ඒ හේතුවෙන් අමතර මිලියන සියයකට වඩා වැඩි වියදමක් දැරීමට සිදුව ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේදී දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා රුපියල් 50,000ක ඇප මුදලක්ද, ස්වාධීන කණ්ඩායම් සඳහා රුපියල් 75,000ක ඇප මුදලක්ද ලබා ගනියි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා නොමිලේ ගුවන් කාලය ලබාදීම, තැපැල් පහසුකම් ලබාදීම, ආරක්ෂාව ලබාදීම, ඡන්දපොළ නියෝජිතයන් පත්කිරීමට අවස්ථාව ලැබීම මෙන්ම තව තවත් වරප්‍රසාද රැසක් හිමිවේ.
එමෙන්ම දේශපාලන වාසි ලබාගැනීම, විදේශයන්හිදී දේශපාලන රැකවරණය ඉල්ලා සිටීම, විවිධ දේශපාලන ගනුදෙනු සඳහා යොමු වීමට ඇතැම් පුද්ගලයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බවටද තොරතුරු වාර්තා වී ඇත.

popular news
-
ranjith Monday, 07 October 2019 06:40 AM
අනිවාර්යෙන් මෙය කල උතුමා කාරණාවක් ජනතාවගේ මුදල් එක්ක විහිලු කරන්න හදන තමන්ගේ ප්‍රතිරුප නිර්මාණය කරගන්න දගලන මෙවන් අයගෙන් ලොකු මුදලක් අය කරන්නම වෙනවා නෙතිනම් මෙතිවරණ විහිළුවක් වෙනවා මෙවර චන්ද පත්ත්රිකව මොන තරම් විසල වෙඉද මෙවහේ පිස්සෝ කරන වේද නිසා
Reply : 0 1
oscar Monday, 07 October 2019 08:08 AM
මේවා සහතික ඇත්ත, ගොඩ දෙනෙක් ඉදිරිපත්වෙන්නේ රටට ඇති ආදරේට නෙමේ. දේශපාලන වාසි සහ විදේශ රටවල්වල සරණ පතාගෙන පවුල් සමගින් පදිංචි වෙන්න. උප්රපර වැට්ටි සඳහාත් චන්දෙ ඉල්ලනවා. මේ අයට කියන්නේ විසා අපේක්ෂකින් කියලා. ජනතාව මේවට අසුවන්න එපා, රට පෙරට ගෙනියන්න පුළුවන් අපේක්ෂකයෙකුට කතිරේ ගහන්න.
Reply : 0 2
saman Monday, 07 October 2019 09:01 AM
විශාල ලෙස වැටුප් වැඩි කල අවස්ථාවේ , ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීමට අද වනවිට දිනකට රුපියල් බිලියන 7 අවශ්‍ය වුවත් රජයට සොයා ගතහැකි වී තියෙන්නේ බිලියන 5යි . දුර්වල ආර්ථික කළමනාකරණය නිසා දවසට බිලියන 2 බැගින් ණයවී වසර 5 ට රුපියල් බිලියන 2*365*5=3650 ලෝකෙට ණයවී තියනව ( ඩොලර් බිලියන 20ක්) . මෙහෙම තවදුරත් යන්න පුලුවන්ද . මෙය දරුණු ආර්ථික ගැටළුවක්. දේශපාලන කෝණයෙන් බලන්න එපා .
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

