ජනපතිවරණයට ඉදිරිපත්වනවා - නාගානන්ද
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හුදෙක් මැතිවරණයක් පමණක් නොව, රටේ සමස්ත ක්රමයම වෙනස් කරන මැතිවරණයක් බවත්, එබැවින් රටේ ඉරණම තීරණය කරන මැතිවරණය මෙය වනු ඇති බවත් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පැවසීය.
රටේ ඉරණම වෙනස් කිරීම සඳහා නව දැක්මකින් යුතුව මෙවර ජනාධිපතිවරණයට තමාද ඉදිරිපත් වනවා යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
එසේම ඉදිරි දින 21 තුළ සිය ස්ථාවරය සහ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන බවත්, රට තුළ නීතියේ ආධිපත්‍ය ස්ථාවර කිරීමට තමා කැපවෙන බවත් හෙතෙම සඳහන් කළේය.
වර්තමාන පාර්ලිමේන්තුව කූට ව්‍යාපාරිකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, එහෙයින් මෙම ක්‍රමය වහාම වෙනස් කළ යුතුව ඇති බවත් නාගානන්ද මහතා පැවසීය.
ලෝකයේ අනිකුත් රටවල් ශ්‍රී ලංකාව පසුකර ගෙන ඉදිරියට ගියද, ශ්‍රී ලංකාව තව තවත් පසුපසට යන්නේ රට තුළ නීතියේ ආධිපත්‍යයක් නොමැතිකමින් බවත්, මෙම ක්‍රමය වෙනස් නොකළහොත් රටට ඉදිරි ගමනක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා නව පාලනයක් හඳුන්වාදෙන බවත්, එම වැඩපිළිවෙළ ඉදිර්යේදී රට හමුවේ තැබීමට තමා සූදානම් බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
- 
                            Lion Thursday, 15 August 2019 11:03 AM අද පත්තරේ ගොට තාම America පුරවැසියෙක් කියන එක හන්ගනවද ? ඔබල ස්වාදීන විය යුථුඉ Reply : 1 63 Kumar Thursday, 15 August 2019 09:21 PM නගානන්ද මහත්මයෝ ඔයා නිකරුනේ වෙලාව නාස්ති කරන්න එපා. ඔයාටත් අර ෆොසේකා සෙනවිතුමාට වගෙ කවුද ලනුවක් දීල. අද වෙනතෙක් ලංකාවේ ස්වාදීන ජනාධිපති අපේක්ෂකයෙක් දිනලානැ. මම ඉන්න ඇමෙරිකාවේවත් එවැන්නක් සිදුවෙලා නැහැ. ලංකාවේ චන්ද පාවිචි කල නොහැකි ඇමෙරිකාවේ ඉන්න කිහිපදෙනෙක් ඔය මහත්මය ගැන ලොකු විශ්වාසයක් තිබෙන බව කියනවා. මම දන්නා තරමින් අද වෙනතෙක් ලංකාවේ ඉන්න අය චන්දය දමන්නේ තමන්ගෙ පක්ෂයේ අපේක්ෂකයටයි. Reply : 33 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                