ජනපතිගේ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය 07දා තෙක් කල් තැබිණ. අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිනි.
අඛණ්ඩව දින දෙකක් පෙත්සම් විභාග කිරිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඒක්සත් ජාතික පක්ෂය ඇතූළු පකෂ කිහිපයක්, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙක් ඇතුළුව පාර්ශ්ව 12ක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවත් ඒ අනුව මැතිවරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මහතා ඇතුළු පාර්ශ්ව පහක් ජනපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව සඳහන් කරමින් පෙත්සම්ගොනු කළේය.
popular news
-
Champa Tuesday, 13 November 2018 06:25 PM
හ්ම්ම්ම්ම්ම්ම්ම් දැන් කවදද නියෝගය දෙන්නේ ? නොවැම්බර් 16වෙනි සිකුරාදද? නැත්නම් කොච්චර කල් ඇදෙයිද මේක? දැන්නම් ඇත්තමයි කවුරු වුනත් කමක් නැහැ අගමැති. පාර්ලිමේන්තුව වහගෙන මේ කරන මඟුල නවත්තන්න ඕනේ. මෙහෙම ගියොත් ඉතින් චන්ද වලින් වැඩක් නැති වෙනවා. ඇයි ඉතින් මිනිස්සුන්ට කිසි විශ්වාසයක් නැහැනේ පත් කරන පාර්ලිමේන්තුවක් කී දවසක් තියෙයිද කියල. දැන් ඊළඟ ජනාධිපති UNP කාරයෙක් වුනත් එකට එක කරන්න, එතකොට තියෙන පාර්ලිමේන්තුවත් විසිරුවා හරියි හඳපානෙම. ඔන්න ඕවට තමයි කියන්නේ රටකට නායකයෝ පත් කරන කොට දේශපාලකයෝ දෙන ගුලි ගිලින්නතුව තමන්ම තීරණය කරලා හොඳ, ගුණවත්, හරි වැරැද්ද තේරෙන, ඔක්කොටම වඩා ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරන, ආගමක් තියෙන සහ ඒ ආගම අදහන, ඒ ආගමට අනුව ජීවත් වෙන, යහපත් මිනිස්සු රට පාලනය කරන්න තෝර ගන්න කියලා. -- දැන් ඉතින් තව කී දවසක් ඉන්න වෙයිද බලන්න ඕනේ මොකක්ද තීරණේ කියල දැන ගන්න.අපි හරියට දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. හැබැයි මේ විසිරුවා හැරීම හරි කියලා කිව්වොත්, පාට පක්ෂ බලන්නේ නැතුව, ඒකට විරෝධය පල කරන්න ඊළඟ චන්දෙදි ජනාධිපති ඉන්න පැත්ත පරද්දලා මතක හිටින පාඩමක් උගන්වන්න ඕනේ.
Reply : 0 0
Priyantha Tuesday, 13 November 2018 07:35 PM
ජනතා ජයග්‍රහණයක්.නීතියේ ආධිපත්‍යය ගරු කල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට උත්තමාචාරය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

