ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට දොස් මුරයක්
“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට.
ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව මට දැනුම් දෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ ප්‍රධානීන්ට පැවැසීය.
ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නැත. එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිළි කරන්නැයි ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දෙයි.
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (16දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අවවාදාත්මක ප්‍රකාශය කළේය.
ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවලද මහ බැංකු ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේද ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙරට මහ බැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැත. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇත.
ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150ක් මූල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා කළ යෝජනාව මහබැංකුව පැහැර හැර තිබේ. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බව ජනාධිපතිවරයා කීය.
මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවන බවත් ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන සිය අප්‍රසාදය පළ කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා එය ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කළේය. සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළහ. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී තිබේ. එය ඉටුකරනු වෙනුවට මහබැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව ජනාධිපතිවරයා කීය.
ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය හෝ දෙන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එය අදම කළයුතු බවද ඔහු අවධාරණය කළේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු සහ මහබැංකු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.
popular news
-
Kumar Wednesday, 17 June 2020 07:22 AM
Are there any brave souls in the Central bank who is brave enough to tell the president that he screw up from the start. If there is a brave soul, I must warn that soul he/she will be toast after the presentation. As we say in the US, everybody want to keep their fat paycheck. One day I was told that cemeteries are full of heroes
Reply : 12 0
Sanjeewa Wednesday, 17 June 2020 08:10 AM
ලන්කාවෙ ඉහළම පඩි ලබන බැංකු සේවකයන් මෙලෙස හිතුමතයට වැඩ කරන්න ගියොත් මුලු රටම අගාධයට යනවා. වැඩ බැරි නම් කරන්න පුළුවන් කෙකෙනෙකුට මේ අවස්ථාව ලබා දිය යුතුව ඇත . කෙලින් වැඩ කරන ජනාධිපති කෙනෙක් සිටීම රටට වැඩ දායක වන්නේ එබැවින .
Reply : 0 2
Mahinda Bandara Wednesday, 17 June 2020 08:38 AM
Very well done HE President. This should be done for all. Not only for these people, higher level officers of all government, corporations and semi government peoples are not doing government instructions and then wrong instructions given to low level officers by high level officers.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

