අතැම් දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වේගවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.එසේම මතභේදයට තුඩු දී ඇති සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණ කිහිපයක් අලුතෙන් පිහටුවා ඇති බවත් තවත් කිහිපයක්රි ඉදිරියේදී පිහිටුවන බවත් ඔහු පැවැසීය.
"දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන විට නාමල් සෙනග අරගෙන ආවා. දිගටම අරගෙන එන්න.
සී.අයි.ඩී. එකත් දින කිහිපයක් ලබා දුන්නනම් පහසුයි බස් එහෙම ලෑස්ති කර ගන්න. ඒ අය නියමයෙන් හෝ අනියමෙන් බලපෑමක්
කරන්න උත්සාහ කරනවා. දේශපාලන සංදර්ශන අවශ්‍ය නෑ. 2015 මුල් කාලයේදීත් ඔය වගේ සංදර්ශන දැම්මා."