චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරිය කාන්තාවන්ට ලිංගික හිංසන
රාජගිරිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවයේ නිරතවන විශේෂයෙන්ම චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් එම ප්‍රදේශයේ ජනතාවට දැඩි අපහසුතා සඳහා මුහුණදීමට සිදුව තිබේ.
ඩේලිමිරර් පුවත් පුවත්පත පළකළ වාර්තාවකට අදහස් දක්වා ඇති එම ප්‍ර දේශයේ පදිංචි කාන්තාවක පවසා ඇත්තේ කම්කරුවන් හේතුවෙන් කාන්තාවන්ට සවස 6.00 පමණ පසුව නිවසින් බැහැර යෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
“ඔවුන් අපේ මාර්ගවල සෑම දිනකම ගමන් ගන්නේ දුම්පානය කරමිනි. ඔවුන් නියමිත වස්ත්‍රවලින් පවා සැරසී නොමැතිවයි ගමන් කරන්නේ. මේ මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන් තවදුරටත් ආරක්ෂාකාරී නෑ. අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා. අපේ නිවාසවලින් පවා එළියට නොබැස සිටීම අපිට අමාරුයි.
මීට අමතරව ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා. අපේ සෑම ළමයෙක්ම හරිම තරුණයි. අපිට ගැහැණු දරුවන් ඉන්නවා. මාර්ගවල ගමන් ගන්නා අපේ දියණියන්ට ඔවුන් ලිංගික ප්‍රකාශ කරනවා.
ඔවුන් මත්පැන් පානය කළ විට අපේ සුරතුලුන්ට පීඩා කරනවා. ”
රාජගිරියේ ඉදිකිරීම් මධ්‍යස්ථාන දෙකක මෙම කම්කරුවන් සේවය කරන බවත් ඔවුන්ට අවම පහසුකම් හෝ නොමැති බවත් එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පවසයි.

popular news
-
Champa Friday, 14 September 2018 02:30 PM
හලෝ මෝඩ ආණ්ඩුව. අන්න ප්රජතන්ත්රවාදේ දෝරේ ගලා යනවලු රාජගිරියේ. මහා ලොකුවට කාන්තාවන්ට තැන දෙනවා කිව්වා. මෙන්න දීලා තියෙනවා. තමන්ගේම රටේ කාන්තාවකට දරුවන්ට පාරේ බැහැල යන්න බැහැ විදේශිකයන්ගෙන් ලිංගික අඩන්තේට්ටම්. මොනවාද ගන්න පියවර? කෝ ආණ්ඩුවේ කාන්තා ඇමතිවරු? පහුගිය දවසක කාන්තා දිනේටදද කොහේද අගමැතිතුමාගේ බිරිඳත් candle light vigil එකක් කරා නේද රාත්‍රියට කාන්තාවනට පාරේ බැහැල යන්න බැරි එකට විරුද්ධව. ඔන්න දැන් දවල්ටත් පාරේ බැහැල යන්න බැහැලු. හලෝ පොලිස් ඇමති මොකක්ද ගන්න පියවර මේ ගැන??????
Reply : 17 24
athura Tuesday, 18 September 2018 01:40 PM
මේවට වග කියන්න ඕන හිටපු පති තුමා තමයි.එයා තමයි මේ රටට චීනව වැද්ද ගත්තේ.
Reply : 0 0
bandara Friday, 14 September 2018 10:47 PM
මේකට රාජපක්ෂ මයිත්‍රී රනිල් ඔක්කම් වගකියන්න ඕන
Reply : 0 18
ඉන්දික Sunday, 16 September 2018 06:49 AM
ගමේ ඉන්න පිරිමි නපුංසකයෝ ටිකක්ද අල්ලගෙන ගහපියව් හම ගැලවෙන්ඩ
Reply : 0 23
rajagiriye api Monday, 17 September 2018 03:09 PM
යකුනේ මේක අපේ රට අපිට උරුම සංස්කෘතියක් තියෙනවා තොපි නැතිවෙනවා ඔහොම ගියොත්
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

