ගෝඨා දිනුවොත් අගමැති රනිල්මයි -හිරුණිකා
එළැඹෙන ජනපතිවරණයේදී යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
අද කොළඹදී පැවැති මාධය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට නොමැතිව වෙනත් අයෙකුට අග්‍රාමාත්‍ය තනතුර ලබාදීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත අවශ්‍ය බවද ඇය පෙන්වා දුන්නාය.
එසේ නොමැතිනම් වත්මන් ආණ්ඩුව විසුරුවා හැරීමට වසර හතරමාරක කාලයක් ගතවන බවත් ඒ අනුව වත්මන් ආණ්ඩුවේ වසර හතරහමාරක කාලය අවසන් වන්නේ ලබන වසරේ මාර්තු මාසයේදී බවත් ඇය පෙන්වා දුන්නාය. එතෙක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට කටයුතු කළ හැකි බවත් ඇය පැවැසුවාය.
මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

popular news
-
Deepal Nirosh Thursday, 17 October 2019 02:10 PM
මේක කාරණය මෙතුමියට වඩා රටේ ජනතාව දැන සිටි කාරණයක්. ඒ් වගේම රටේ ජනතාවට අවශ්‍ය ජනාධිපති වෙනසකට වඩා අගමැති වෙනසක් කියන ඒකත් මෙයා දැන කියා ගන්නවා නම් හොඳයි.
Reply : 0 148
දේශප්‍රේමී Thursday, 17 October 2019 04:48 PM
ඕක මොකක්ද දබුර්දීන් නුයි හකීමුයි දේශප්‍රේමී උන ගමන් මහින්ද මහත්තය අගමැති. හිස්බුල්ල දේශප්‍රේමී උන එක ඕක මොකක්ද?
Reply : 0 0
Champa Thursday, 17 October 2019 09:27 PM
නෑ හේමම වෙන්න ඕනේ නෑ. මහින්දව අගමැති කරන්න එකම එක විදිහක් තියනවා අධිකරණ නියෝගය තිබ්බ වුනත්. කොහොමද? යූඑන්පී කාරයෝ මේ පැත්තට අරගෙනද? නෑ ඔය තියෙන විදිහටම පුළුවන්. හැබැයි ගෝඨාභයට එහෙම කරන්න කොන්දක් නැහැ. අර ප්රවෘත්ති සාකච්චාවෙදී ඇහැව්වා ඔබ ජනාධිපති වුනොත් අගමැති කවුද කියල. ගෝඨාභය ගොළු වුනා. එහෙමද? දිව අග තියෙන්න එපෑය උත්තරේ, අගමැති වෙන්නේ වෙන කවුද මහින්ද මිසක් කියල. ගෝඨාභය බයයි. ඔහොම පුලුවන්ද දේශපාලනය කරන්න? අවුරුද 5ක් කට්ට කාපු ජනතාවක්, මරුපාලනයක් වෙනස් කරලා හොඳ පාලනයක් ගැන ඉමහත් බලාපොරොත්තු තියා ඉන්න රටක ඊළඟ ජනාධිපති වෙනකොට කෙලින් පැහැදිලි උත්තර දෙන්න පුළුවන් වෙන්න එපෑය. අනුන්ගෙන් අහගෙන නෙමෙයි තමන්ගේම කියල තමන්ට ආවේනික plan එකක් තියෙන්න ඕනේ තමන් පාලනය කරන රට මොන වගේ වෙන්න ඕනෙද, තමන් ජනාධිපති වුනහම මොනාද කරන්නේ කියලා. මම ජනාධිපති වුනානම් අත්සන් තුනකින් හෝ හතරකින් මම ලංකාව වෙනස් කරනවා පලවෙනි දවසෙම. අවුරුදු 5ක් තිස්සේ දේශපාලන ආර්ථික සහ සමාජ ප්‍රශ්න ගැන comments ලියලම මම දන්නවා ලංකාවේ තියෙන සියලු ප්‍රශ්න සහ ඒ සියල්ලට විසඳුම්. මටම ආවේනික විසඳුම්. ගෝඨාභයට එහෙම දැනීමක් හෝ දැක්මක් නැහැ. පැත්
Reply : 1 0
nimal Friday, 18 October 2019 10:08 PM
මේ නෝනගේ සිහිනය සබැ වෙඉද ? පව්
Reply : 0 0
anura Nanayakkara Tuesday, 22 October 2019 12:55 PM
නිකම් බොරු වීරවරියක් වෙන්න හදන්න එපා . රත්මලෙන් පරදිනවා හිරුනික . මෙයා එක නිසා බොරුවට මේ කාලයේ පොරක් වෙන්න හදනවා !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

