ගෝඨාගේ ඇක්සා ගිවිසුමේත් ඇමෙරිකානු හමුදාවට පැමිණිය හැකියි කියා තිබුණා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී ඇමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුමේ හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවට පැමිණිය හැකිය යනුවෙන් වාක්‍යයක් සඳහන්ව තිබූ නමුත් එය ක්‍රියාත්මක වීමට තවත් ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
ඊයේ (17දා) ගම්පහ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවැසීය.
“ඇක්සා ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවන්ට හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ හදලා දීලා ඉවරයි. මේ ඇක්සා ගිවිසුම පළමුව අත්සන් තැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ආණ්ඩුවේ පිරිස් හා ජවිපෙ රතු අලි පැටව් චෝදනා කරනවා.
ඇමෙරිකාව තම කුලී සේනාංකය වූ කොටි ත්රස්තවාදීන්ට උදව් කළා. ඔවුන්ට එරෙහිව යුද නායකත්වය දුන් රාජපක්ෂ පාලනයට විවිධ තහංචි දැම්මා. ඊශ්‍රායලය අපේ ප්‍රහාරක ගුවන් යානා අලුත්වැඩියා කිරීම පවා නතර කළා ඇමෙරිකානු බලපෑම් සමග.
ඒ අවස්ථාවේ තමයි ඇමරිකාව මේ ඇක්සා ගිවිසුම ගෙනාවේ. අවුරුදු 10කට වලංගු වන පරිදි පමණයි එදා ඒ ඇක්සා ගිවිසුමට අත්සන් තැබුවේ. එහිත් තිබුණා ‘හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට පැමිණිය හැක’ කියා.
නමුත් වැදගත්ම දේ තමයි එදා ඇක්සා ගිවිසුමේ තිබූ අවසන් වාක්‍යය. ඒ තමයි ‘මේ ගිවිසුම බලාත්මක වීම සඳහා තවත් ගිවිසුමක් අත්සන් තැබිය යුතුයි’ යන්න. ඒ කියන්නේ 2007 දී අත්සන් තැබූ ඇක්සා ගිවිසුම ඇමෙරිකාවට ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.
2017 දී එහි කාලය අවසන් වූවාට පසු මේ ආණ්ඩුව කිසිදු යුද අවදානමක් නැති කාලයකදී අත්සන් කළ නව ඇක්සා ගිවිසුමෙන් මේ වැදගත්ම වාක්‍යය අතුරුදහන් කර තිබෙනවා.”

popular news
-
ලසන්ත Sunday, 18 August 2019 07:35 PM
මන්තිරිතුමා මේ දිනවල මෙය මුදල්ගෙවා ප්‍රචාරය කරණලදී කියල දැන්වීම් පලකරනවා නේද.ඒවිදියට ගෝඨාභය අපේක්ෂක තුමා අත්සන්කල ඇක්සා ගිවිසුම කොටස් අඩු නැතිව අපිටත් බලාගන්න පුවත්පතක පලකරන්නකෝ.එතකොට කවුද හරිකියල හිතාගන්න පුළුවනි.
Reply : 0 0
Champa Monday, 19 August 2019 10:00 AM
අනේ නිකම් යන්න විමල් ගෝඨාභයව සුද්ද කරන්නේ නැතුව. ගෝඨාභය ඔය ගිවිසුම අත්සන් කලේ එයා ඇමරිකන් පුරවැසියෙක් නිසා. රනිල් ඊටත් එහාට ගිහින් ACSA SOFA VFA ඔක්කොම අත්සන් කරන්නේ රනිල්ට බලයට එන්න ඇමරිකාව උදව් කරපු නිසා. දෙන්නම එක වගේ බය ගුල්ලෝ. ඇමරිකාව කලේ බයගුල්ලන් දෙන්නෙක් අල්ලාගෙන තමන්ගේ ගිවිසුම් අත්සන් කරන්න කැමති කර ගත්ත එක. කොන්දක් තිබ්බ මිනිස්සු නම් දැක්ක ගමන් කියනව මේක අත්සන් කරන්න බැහැ කියල. ගෝඨාභයට සහයෝගය දක්වන ඔක්කොම හාමුදුරුවරු ඔය ඇමරිකන් ගිවිසුම් වලට විරුද්ධයි. මුළු රටම ඒ ගැන විමසිල්ලෙන් ඉන්නේ. හැබැයි ගෝඨාභය කොතනකවත් කියල නැහැ තමන් ඒවාට විරුද්ධයි හෝ මොන විදිහටවත් ඒ ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල. මම අභියෝග කරනවා පුළුවන් නම් ඔය පොරොන්දුව ගෝඨාභයගෙන් ගන්න කියල. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ විතරයි කිව්වේ ගෝඨාභය ඇතුළු අපේක්ෂකයෝ සියලු දෙනා දැන් තම තමන්ගේ ප්‍රතිපත්ති අපට ඉදිරිපත් කරන්න කියල. අනිත් ඔක්කොම හාමුදුරුවරු බයයි කතා කරන්න. දැනටම මෙහෙම බය නම් ජනාධිපති වුනොත් කොහොමද? කමල් ගුණරත්නට මං ගරු කරනවා හැබැයි මේ ලඟදි කතාවක් දැක්ක. කතා විලාශයේ කලින් තිබ්බ නිවුණු ගතිය නැහැ. බය හිතෙනවා බලා ඉන්නකොට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

