ගම්පහ ඇඳිරි නීතිය දිගටම - විවෘත කළ වෙළඳසැල් අද වසයි
ගම්පහ පොලිස් බල ප්‍ර දේශ 19ක ක්‍රියාත්මක ඇඳිරි නිතිය ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ දිනයේදී විවෘත කළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිමේ වෙළඳසැල් හා ඖෂධ හල් අද දිනයේදී විවෘත නොකරන බවත් ඔහු පැවැසීය.
ඇදිරි නීතිය කඩ කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී 36ක් අත්අඩංගුවට ගත් බවත් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 203ක් බවත් ඔහු පැවැසීය.
ඇඳිර නීතිය පවතින ප්‍ර දේශවලත් නොමැති ප්‍ර දේශවලත් ජනතාව හැකිතාක් නිවසට වී කාලය ගත කරන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Saturday, 17 October 2020 08:49 PM
Staying home saves lives.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

