කෝටි 50ක පරිභෝජනයට නුසුදුසු හයිලන්ඩ් කිරිපිටි ගබඩාවක
රුපියල් කෝටි 50ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් නුවරඑළිය අඹේවෙල මිල්කෝ කර්මාන්තශාලාවේ කාමරයක ගබඩා කර ඇතැයි එම කම්හලේ කළමනාකරු මහින්ද දිසානායක මහතා පැවැසීය.
මහින්ද දිසානායක මහතා මෙසේ පැවැසුවේ රට පුරා පවතින හයිලන්ඩ් කිරිපිටි හිඟය සහ කිරිපිටි තොගක් සඟවා ඇතැයි කියන තොරතුරක් පිළිබඳව ඔහුගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
2017 වසරේදී ගොවීන්ගෙන් මිලදී ගත් දියර කිරි අඹේවෙල කිරි කර්මාන්තශාලාවට රැගෙන ගොස් ඒවා පිටි බවට පත්කිරීමේදී සිදුවී ඇති කාර්මික දෝෂයක් නිසා මෙම කිරිපිටි තොගය මෙසේ ඉවත් කිරීමට සිදුවී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
මධ්‍යම පළාතේ කිරි ගොවීන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමකදී ඇතිවී තිබෙන ප්‍රමාදය ගැන ඔහුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම මිලියන 500ක් වන මුදල හිරවී තිබීම නිසා මෙසේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.
මේ පිළිබඳව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරී සුගත් මුණසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල් කෝටි 50ක් වටිනා කිරිපිටි තොගයක් විනාශ වීම සාමාන්‍ය දෙයක් බවයි.
හයිලන්ඩ් කිරිපිටි හිඟය තවත් මාස කිහිපයකින් මඟහැරී යනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
