කොරෝනා ගැන අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා - නාමල්
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන වැරදි තොරතුරු මෙන්ම ඒ සඳහා අනවශ්‍ය ලෙස භීතියට පත්වීමට දැනට එය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර තවදුරටත් සංකීර්ණ කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එසේම මහජනතාව තුළ භීතියක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති අනවශ්‍ය ප්රචාරයන්ට ලංකාව ගොදුරු නොවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.
අදට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බලධාරීන්ගේ ප්‍රමුඛතාව බවයි.
“ශ්‍රී ලංකාවේ බලධාරීන් සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව එහි ප්‍රමුඛතාවය ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැරදි තොරතුරු සහ අනවශ්‍ය ලෙස භීතියට පත්වීම දැනට ක්‍රියාත්මක කර ඇති පියවර සංකීර්ණ කරනවා. මහජනතාව භීතිකාවක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති කොරෝනා වෛරස් අනවශ්‍ය ප්රචාරයට ශ්‍රී ලංකාව ගොදුරු නොවිය යුතුයි.”

popular news
-
Sanjaya Fernando Tuesday, 28 January 2020 11:18 AM
මෙයා දොස්තර කෙනෙක්ද ? මොකක් ද මෙයාට මෙහෙම කියන්න තියන සුදුසු කම ?
Reply : 0 6
rana Tuesday, 28 January 2020 02:28 PM
බක, බක මිසක් වැදගත් දෙයක් මේ කටේ නැහැ .
Reply : 0 6
samson Tuesday, 28 January 2020 03:54 PM
කොරෝනා වෛරසය ආණ්ඩුවේ ප්‍රශ්න වසන් කරගැනීමට අවස්තාවක් මිසක් වෙනත් ප්‍රශ්නයක් නැහැ. එම නිසා කලබල වෙන්න එපා. හොර පෙරකදොරුවෙක් වුනා මදිවට දැන් හොර දොස්තරයෙක් වෙන්න යනවා.
Reply : 1 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
