පොල්ගහවෙල මහේස්ත්‍රාත්  අධිකරණය අද (14) පොල්ගහවෙල  සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරීන් විසින් විෂබීජහරණයට ලක් කෙරිණි .
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත යැයි හඳුනාගත්  නිලධාරියකු  නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී  පසුගියදා  (8) වෙනිදා ඔහුගේ මිතුරෙකුගේ නඩු කටයුත්තක් සඳහා පොල්ගහවෙල  මහේස්ත්‍රාත්  අධිකරණයට පැමිණ ඇති අතර  ඒ අනුව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරී විසින් මහේස්ත්‍රාත්  අධිකරණ භූමිය විෂබීජහරණයට  ලක් කෙරුණි.
ඒ ආසන්නයේ ඇති ආපන ශාලාවක්  ද වසා දැමුණු අතර එහි හිමිකරු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් තම නිවාසවල  ස්වයං  නිරෝධායනය  සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි .
කොරෝනා ආසාදිත නිලධාරියා පොතුහැර තෝරවතුර ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ නිවසේ සාමාජිකයන් 06 දෙනෙකු බියගම නිරෝධායන  මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව  සෞඛ්‍ය අංශ පවසයි . මහේස්ත්‍රාත්  අධිකරණය විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව අධිකරණය කටයුතු ආරම්භ කෙරිණි .
