කුඩා නගර අලංකාර ලෙස සංවර්ධනය කිරිමට අවධානය
රට පුරා ඇති සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පවසයි.
තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.
ජනපතිවරයා හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති හමුවකදී මේ පිළිබඳව අවධානය යොමුවිය.
එසේම වේරැස් ගඟ ව්‍යාපෘතිය කඩිනමි කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ.
කැළි කසළ, කාබනික පොහොර බවට පත් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් ඒ සඳහා උපරිම ලෙස තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කළේය.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩගැසී ඇති වැලි නිධි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිළ පහත දැමීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමඟින් ප්‍රදේශ රැසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයට ද විසඳුම් ලබාදීමට හැකි වේ.
බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිමට ද තීරණය කෙරිණි. එහිදී බේරේ වැවට අපද්‍රව්‍ය එකතු කෙරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.
popular news
-
Kumar Thursday, 09 January 2020 08:06 AM
කුඩා නගරයක් ලස්සන කරන්න මහජනය්ගේ උනන්දුවත් අවශ්‍යයි. සමහර නගරවල නටබුන් වගේ කිසිම සැලසුමක් නැති ගොඩනැගිලිවලින් පිරිල. ලංකාවෙ බූමිකම්පා නැති නිසා මේ ගොඩනැගිලි තවම පවතින්නෙ. වාහන තදබදය ගැන කියලා වැඩක් නැහැ.
Reply : 0 0
ranjith Monday, 13 January 2020 05:00 AM
එත හොද තීරණ ගන්න නායකයෙක් වේලි ගොඩ දෙමීම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ දායකත්වය ලබා ගනිමින් අදාල ප්‍රදෙසිය සබැ වලට දෙන්න ප්‍රදෙසිය සබවෙන් මිලදී ගන්න පහසුකම් සපයන්න ප්‍රදෙසිය සබාවේ බිල මගින් කරදරයක් නෙතුව ප්‍රවාහනය කරන්න එදා දෙන්න අද වෙනකොට වේලි කිඋබේ එකක් ගෙදරට ගේනකොට දුප්පත් මිනිහෙක් කීදෙනෙකුට දෙන අල්ලස වලට පව් ගෙවන්න වෙනවද මේ මගින් වංචාකාරයන්ට හොද පාඩමක් උගන්වන්න පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
