එජාප නායකත්වයෙන් ඉවත්වීම ගැන රනිල්ගෙන් ඉඟි
එක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (25දා) පැවසීය.
පක්ෂය දෙකඩවීම වීම වැළැක්වීම සඳහා තිරණයක් ගැනීමට සූදානම් යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.
රනිල් වික්‍රසිංහ මහතා විපක්ෂ නායකධුරයට පත්කරන මෙන් ඉල්ලා ව්‍යවස්ථානූකූලව කථානායකවරයා වෙත ලිපියක් යොමුකළද අනාගතයේදී එහි සඳහන් කරුණු වෙනස් කර ගැනීමට අවස්ථාව තිබෙන බවද හෙතෙම කීය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබු ප්රවෘත්තී සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා,
“බෞද්ධ දර්ශනය ගැන අපේ දේශපාලඥයින් සිදුකළ ඇතැම් ප්‍රකාශ නිසා අපේ සිංහල බෞද්ධ ඡන්ද පදනම දෙදරා ගියා.ඒ නිසා අපි වැරදි හදාගෙන ස්වාමීන් වහන්සේලා සමග ඉදිරියට යා යුතුව තිබෙනවා.
පක්ෂයේ නායකතුමා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා ඉදිරියට දිගටම කටයුතු කරන්න සූදානමක් නැහැ කියලා.එතුමා පැහැදිලිව කියලා තිබෙනවා පක්ෂය ආරක්ෂා වෙන විදියට අපේ සියලුම දේශපාලන නායකයෝ එකට එකතුවෙලා තීරණයක් අරගෙන එකට ගමනක් යන්න අවශ්‍යයි කියලා.එය කරන්න පුලුවන්වෙවි කියලා අපි විශ්වාස කරනවා.
එතුමා පැහැදිලිව කිව්වා එතුමාට නායකධුරයේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ එතුමා ගැන හිතන්න එපා කියලා.පක්ෂය කැඩෙන්නැතිව,පක්ෂය බිදෙන්නැතිව වැඩපිළිවෙල සූදානම් කරලා එතුමා ඕනම වෙලාවක කටයුතු කරන්න සූදානම් බව කිව්වා.
මේ සියල්ල තීරණය වෙන්නේ අපේ අපේක්ෂකතුමා ඇතුළු සියල්ල සාකච්ඡා කරලා ගන්න පොදු තීරණයක් මත. පක්ෂය කැඩෙන්නැතිව බිඳෙන්නැතිව පක්ෂය ආරක්ෂා වන පරිදි අපි ඉතා ඉක්මනින් සාකච්ඡා කරලා ඒ පොදු තීරණය ගන්න බලාපොරොත්තු වෙනවා. “යනුවෙන් පවසා සිටියේය.

popular news
-
ගාමිණී Monday, 25 November 2019 03:59 PM
එතුමාට දේශපාලන දැනුම තියෙනවා. එහෙත් එතුමා ගත්ත තීරණ නිසා පක්ෂේ විනාශ වුනා. එදා ශ්‍රී ලංකා එකෙන් මන්ත්‍රී ලා ඔක්කොම එකතු නොකර ගෙන එහෙන් කිහිපදෙනෙක් අරගෙන ආණ්ඩුවක් හැදුවා නම් වැඩ කරන්න තිබුණා. මොන කොමිෂන් ගෙනාවත් අද ඒවායින් වැඩක් තියෙනවද? මිනිස්සුන්ට කොමිෂන් වැඩක් නෑ. ලංකාවේ මිනිස්සු අවු. 2500 වැඩි කාලයක් රජවරුන්ට යටත් වෙලා ඉදලා නිදහස කියන එකට කැමති නැ. කාගෙ හරි යටතේ ඉන්න වැඩි දෙනෙක් කැමති. දැන්වත් ඒක තේරුම් අරගෙන වැඩ කරන්න. එකම නායකයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. නායකතුමා උපදේශකයෙක් විදිහට තියා ගන්න. සජිත් මහත්තයාට පක්ෂ නායකකම දෙන්න. නැත්නම් ලබන මහමැතිවරණයෙන් සජිත්ට කපන ඔක්කොටම මනාප නැතිව ගෙදර ඉන්න වෙයි. ජනතාව කැමති සජිත් ට.
Reply : 20 70
නාමසේන Friday, 29 November 2019 10:26 AM
පක්ෂයේ ඉතුරු වෙලා සිටින එකම මොළ කාරයා රනිල් විතරයි. සජිත් තවම බොලද වැඩි කියලා වේදිකාවේදී ඔප්පු කරලා පෙන්නුවා. සජිත්ට නායක කම දුන්නොත් පක්ෂයේ ඉතුරු ටිකත් ඉවරයි.
Reply : 49 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
