ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති හිමියන් අපවත් කරති
ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් (73) අපවත් කර ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.
අපවත් කරන ලද මේ හිමියන්ගේ සිරුර අද (29 ) උදැසන විහාරස්ථානයේ බිම තිබියදි සොයා ගැනුණු බවද පොලීසිය කියයි.
දෙපා ගැට ගසා කටට පාන් කඩ ඔබා තිබුණු බවද පොලීසිය පවසයි.
විහාරස්ථානය මංකොල්ලා කැමට පැමිණි පිරිසක් උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
විහාරස්ථානයේ කුටි කිහිපයක් අවුස්සා ඇති බව නිරීක්ෂණය වූ බවද පොලීසිය පවසයි.
ඊයේ (28 ) රාත්රියේදී උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි තමන් සැකකරන බවත් අවශ්යතාවයකට විහාරස්ථානයකට ගිය ළමයි දෙදෙනෙකු විහාරාධිපති හිමියන් ගැන සොයා බැලීමේදී උන්වහන්සේගේ මළ සිරුර දැක ඒ බව බව තමන්ට දැන්වීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර අද (29 ) සොයාගත් බවද පොලීසිය සඳහන් කරයි
කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය - සුසිල් ප්රියන්ත

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

