ඇමති හරින් මේ දේ කිව්වේ ඇත්තටම ටිකිරිටද
මෙවර මහනුවර දළඳා පෙරහරට එක්ව තිබූ ටිකිරි ඇතින්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා. ඒ ඇය වයෝවෘද්ධ නිසාත්, පෙරහරේ ගමන් කරවීම නිසාත්.
කෙසේ වෙතත් ඇයගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවයි.
ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබුණා.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දැක්වූවන් පවසන්නේ අමාත්‍යවරයා මෙය ටිකිරි ඇතින්න උපමාවට ගනිමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයක් බවයි.
ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ප්රමුඛව කටයුතු කරයි.
පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං
විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත ...
ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය
popular news
-
aruna Monday, 19 August 2019 11:00 AM
අනේ මෙහෙමත් විනයක් නැති කෙලෙහිගුණ නැති ඇමතිවරු.
Reply : 0 0
tna Monday, 19 August 2019 11:58 AM
නැත ටිකිරි මොලේට
Reply : 0 0
Iion Monday, 19 August 2019 02:08 PM
මෙයා වාඩිවෙලා ඉන්නේ මෙයාගේ මොලේ උඩ.එකඊ ගොන් ටෝකෙස් දෙන්නේ . මෙයා හිතාගෙන ඉන්නේ මෙයා තමඊ සියල්ල දත් කියල .
Reply : 0 0
rukman wijethilake Monday, 19 August 2019 04:43 PM
සජිත් කරේ තියාගෙන ගිහින් අන්තිමට කනෝ කනෝ කියලා කෑගනගන්න නම් ඔන්න එපා.ඊයේ දැක්ක නේ අරයා එක්ක මුල් ගල තියන කොට තිබුන ඩිල් එක්ක.පරණ එක්කෙනා එක්කත් එහෙමයි.ඔක්කොම කට්ටිය එකතු වෙලා හොරු බේරා බේර ඉන්නතැයි....
Reply : 0 0
Champa Tuesday, 20 August 2019 05:15 AM
හරිම කැතයි. හැම කෙනෙක්ම වයසට යනව කියන එක අමතක වෙලා. තමන්ගේ පක්ෂේ නායකයා වයසට යන එක අවඥාවට ලක් කරන මේ වගේ ඇමතිවරු රටට දෙන ආදර්ශේ මොකක්ද? ලංකා දේශපාලනයේ අන්තිම පහත මට්ටම තමයි මුළු රටම දැන් දකින්නේ. 225ම එපා කියල මිනිස්සු කියන්නේ මේකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

