ඇමති පවිත්‍රා සුව අතට
කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුව අතට පත්වෙමින් සිටින බව ඇයගේ වෙද්‍යවරු පවසති.
පසුගිය 23 වැනිදා පස්වරුවේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට යොමු වූ සෞඛ්‍ය අමාත්‍යවරියට එහිදී කොරොනා ආසාදිත බවට තහවුරු වී තිබේ.
පසුව ඇය පී. සී. ආර්. පරීක්ෂණයකට ලක්වූ අතර එහිදීද ඇයට කොවිඩ් ආසාදිත බවට තහවුරු විය. ඒ අනුව ඇය කොග්ගල ප්‍රදේශයේ වෙද්‍ය මද්යථානයකට යොමු කරන ලදී.
අමාත්‍යවරියගේ පළමු ආශ්‍රිතයින් සියලුම දෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් පී.සී.ආර්. පරික්ෂණවලටද ලක් කෙරුණි. සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සැමියා වන ඇයගේ පුද්ගලික ලේකම් සබරගමු පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා ද නිරෝධායනයට යොමු කර තිබේ. එහිදී ඔහුට කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොව්ඩ් ආසාදිත නොමැති බවට හෙළිව තිබේ.
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
